පුවත්

ප්‍රාථමික ශ්‍රේණි අධ්‍යයන කටයුතු ඇරැඹේ

2019 මැයි 13 වැනි සඳුදා - 21  

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමූ රජයේ පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු අද (13)  සිට ආරම්භ කෙරේ. පාසල්වල 6 ශ්‍රේණියේ  සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යයන කටයුතු පසුගිය 6 වැනිදා ආරම්භ විය.  පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව ක‍්‍රියාත්මක කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.පාසල් වෙත ද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් මාලාවක් ලබාදී ඇත.
 රජයේ පාසල්වල දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු ආරම්භ වීමට නියමිතව තිබුණේ ඉකුත් අප්‍රේල් 22 වැනිදාය.  21 වැනිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව අපේ‍්‍රල් 29 වැනිදා දක්වාත් ඉන්පසු යළිත්  මැයි 6 වැනිදා දක්වාත් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි. පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් අසල පොලිස් හා හමුදා නිලධාරීන්ද යොදවා ඇත.
            
පාස්කු ඉරිදා දින ප‍්‍රහාරයෙන් පසු මේ දක්වා වසා දමා ඇති පෞද්ගලික කතෝලික පාසල්වල දෙවැනි පාසල් වාරය අනිද්දා (14)  සිට යළි ආරම්භ කරන්නේද යන්න ගැන මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැත. රටේ ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිනම් පමණක් මැල්කම් කාදිනල් රංජිත් අගදරගුරුතුමන් එම තීරණය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

 

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...