පුවත්

සීගිරිය නොමිලේ නරඹන්න අවස්ථාවක්

2019 මැයි 15 වැනි බදදා - 14  

සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සලස්වා ඇත. වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව දේශීය සංචාරකයන් සඳහා මෙම අවස්ථාව උදාවේ.  මෙම දිනයන් හිදී සීගිරියේ කැණීම් තුළින් හමු වූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ද පැවත්වීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර තිබේ.

සංචාරක ආකර්ෂණය ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස වර්තමානයේ දී සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය සංවර්ධනය කර තිබේ. නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

දින පොත