පුවත්

කුස තුළ මිය යන දරුවන් හා බිළිඳු මරණ අඩුවෙයි

2019 මැයි 22 වැනි බදදා - 12  

ගර්භනී කාලයේ සති 28 න් පසු කුස තුළ මියයන දරුවන් සහ උපතින් දින 07 ක් තුල සිදුවන බිළිදු මරණ අඩුකිරිම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක සදහන් වෙයි.

ශ්‍රී ලංකා 2014/2017 පරාජන්ම මරණ විමර්ශණ වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පිළිගැන් වූ අතර, එම වාර්තාවේ මෙම කරුණු සදහන් වෙයි.

ගර්භනීභාවයේ සති 28 සිට ප්‍රසූතියෙන් පසු පළමු දින 07 දක්වා කාලය පරාජන්ම සමග ලෙස සැළකෙයි. මෙම කාලය තුල සිදු වන මළදරු උපත් සහ පුර්ව බිළිදු මරණ පරාජන්ම මරණ ලෙස ගණනය කරනු ලබයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින සෑම රෝහළක්ම පරාජන්ම මරණ වාර්තා කරන අතර, සෑම මසකම පරාජන්ම මරණ විමර්ශණ රැස්විම් පවත්වා එම මරණ වැළැක්වීම සදහා ගතයුතු පියවර සාකච්ඡා කරනු ලබයි. 2006 වසරේ දී ශ්‍රී ලංකාවේ ආරම්භ කළ මෙම ක්‍රමවේදය ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරන එකම ආසියානු රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා ව්‍යාධි සහ මරණ ආවේක්ෂණ ඒකකය යුනිසෙෆ් ආයතනය සමග එක්ව 2014 සිට 2017 දක්වා මුළු රට තුලින්ම වාර්තා වූ පරාජන්ම මරණ විශ්ලේෂණය කර මෙම වාර්තාව සකස් කර තිබෙයි. මෙම වාර්තාවට අනුව පසුගිය වසර කිහිපය තුල මෙරට පරාජන්ම මරණ අනුපාත ක්‍රමාණුකූලව අඩු වී ඇති අතර, 2017 වසරේ දී පරාජන්ම මරණ අනුපාතය දරුඋපත් 1000 කට 6.8 ක් වෙයි.

ශ්‍රී ලංකාවේ පරාජන්ම මරණ අනුපාතය ලෝකයේ දියුණූ රටවල මට්ටමට ලගා වී ඇත. උදාහරණ ලෙස මහා බ්‍රිතාන්‍යයේ එම අනුපාතය 6.6 කි. 2017 වසරේ දී මළ දරු උපත් 838 ක් සහ පුර්ව බිළිදු මරණ 1079 ක් වාර්තා වී ඇත. තවදුරටත් පරාජන්ම ආවේක්ෂණ ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සහ නිර්දේශ ද මෙම වාර්තාවට ඇතුළත් කර ඇත.

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...