පාසල් පුවත්

හාලිඇළ මැදි විදුහලේ සියපතක සුවඳ

2019 ජුනි 11 වැනි අඟහරුවාදා - 13  

 ‘%විඳින්නට අවසරයි සියපතක සුවඳ’ නමින් බ/හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයීය ( ජාතික පාසල) සංවිධානය කළ සාහිත්‍ය වැඩසටහනක් එම විදුහල් ශ්‍ර‍වණාගාරයේදී ඉකුත්දා පැවැත්වුණි.
මෙම වැඩසටහනේ ප්‍ර‍ධාන ආරාධිත දේශනය ප්‍ර‍වීණ මාධ්‍යවේදී හා රංගන ශිල්පී වසන්ත දුක්ගන්නාරාළ මහතා සිදුකළ අතර හාලිඇල මැදි මහ විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සිරස මාධ්‍ය ජාලයේ වැඩසටහන් කළමනාකාර දිදුල බෝගහකුඹුර,  මාර්ගෝපදේශ හා මනෝවිද්‍යා උපදේශක දනුක සිරිනාම යන මහත්වරැද විශේෂ දේශන සිදුකළහ.     
මීට උලෙළට සමගාමීව සාහිත්‍ය මාසය හා කියවීමේ මාසය නිමිත්තෙන් පවත්වන ලද සාහිත්‍ය තරගවල ජයග්‍රාහක සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍ර‍දානය බදුල්ල සිංහ සමාජයේ අනුග්‍ර‍හයෙන් සිදුකෙරැණු අතර සිසු සිසුවියන් ඉදිරිපත් කළ සංස්කෘතිකාංග රුසකින් උලෙළ වර්ණවත් විය.
 බ/හාලිඇළ ජාතික පාසලේ විදුහල්පති අසේල තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සංවිධානය කෙරැණු මෙම උලෙළට බදුල්ල සිංහ සමාජයේ සභාපති වෛද්‍ය යසතිලක් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරිහු රුසක්ද සහභාගි වූහ. 

  ( හාලිඇළ- විජේරත්න රත්නායක )
 

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...