අලුත් පොත්

‘විෂම භාග’ ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන 2කට නිර්දේශවේ

2019 ජුනි 19 වැනි බදදා - 70  

චීනයේ 22වන වරටත් පැවැත්වෙන ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ (SIFF) 'ඒෂියා නිව් ටැලන්ට් අවෝඩ්' සිනමා සම්මානය සඳහා හොඳම නළුවා සහ හොඳම තිරරචනය යන සම්මාන ද්වයට ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘විෂම භාග’  (The Other Half) සිනමාපටය නිර්දේශ වී තිබේ.

ඒ අනුව එම චිත්‍රපටයේ තිර රචනය කළ ලලිත් රත්නායකත් නවක ළමා රංගන ශිල්පියකු වන පන්සිලු වික්‍රමරත්නත් මෙම සම්මාන සඳහා නිර්දේශ වී ඇත. ‘විශම භාග’ ඔවුන් දෙදෙනාගේම පළමු අධ්‍යක්ෂණය සහ රංගනය වීම විශේෂයකි.

කෘෂි රසායනයන්ගෙන් අපවිත්‍ර වූ ජල පරිහරණයෙන් වැළඳෙන මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානයක් කේන්ද්‍ර කරගත් ‘විෂම භාග’ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය ද වේ.

මෙම සිනමාපටයට ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණී රත්නායක රංගනයෙන් දායක වන අතර නවක ළමා රංගන ශිල්පීන් ලෙස පන්සිලු වික්‍රමරත්න සහ පන්කජ වික්‍රමරත්න ප්‍රධාන චරිත නිරූපණය කරති. සම්මාන ප්‍රදානෝත්සවය ජූනි 21වන දින චීනයේ හයි ෂැන් සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය. 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...