පුවත්

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පාසල්වල විශේෂිත වැඩසටහන් මාලාවක්

2019 ජුනි 20 වැනි බ්‍රහස්පතින්දා - 19  

මත්ද්‍රව්‍ය භාවිතයට හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරක ම ජුනි මස 26 වැනි දිනට යෙදී ඇත.

එම දිනය තේමා කරගනිමින් ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ජුනි මස 23 දින සිට ජුලි 01 දින තෙක් සතිය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ කාල රාමුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සියලු පාසල් සිසුන් දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව, මද්‍යසාර හා දුම්වැටි භාවිතය  සමාජයෙන් තුරන් කිරීම වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරිම සඳහා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කාලරාමුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු පාසල් ප්‍රධානීන් විසින් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව රැස් කර අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකළ යුතු බවත්, අදාළ සතිය තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ වගකීමක් වන බවත්, මේ සම්බන්ධව සියලු ම රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ පිරිවෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ආදර්ශ පාඨයක් පාසලේ ප්‍රදර්ශනය කිරීම, පන්ති කාමර මට්ටමින් අදාළ සතිය තුළ එක් එක් දිනයන්ට අදාළව මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළව ආකල්පමය වෙනසක් ඇති කළ හැකි ආකාරයේ ආදර්ශ වාක්‍ය ප්‍රදර්ශනය කරවීම,  පන්ති මට්ටමින් බිත්ති පුවත්පත් පවත්වාගෙන යාම, බාහිර දේශකවරයෙකු සම්බන්ධ කරගනිමින් උදෑසන පාසල් රැස්වීමේ දී දේශනයක් පැවැත්වීම, මීට අමතරව පාසල් මට්ටමින් සුදුසු නිර්මාණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව බලගැන්වීම ඒ අනුව සියලු පාසල් ප්‍රධානීන්ට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි .

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...