ක්‍රීඩා පුවත්

චන්දිමාල් - අකිල ටෙස්ට් සංචිතයට

2019 අගෝස්තු 07 වැනි බදදා - 35  

නවසීලන්තයට එරෙහිව ලබන 14 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඇතුළත්ව සිටිති.  ශ්‍රී ලංකාවෙන් මෑතකදී බිහිවූ විශිෂ්ට පිතිකරුවකු වන චන්දිමාල්ට ශ්‍රී ලංකා පිලේ අවසන් ටෙස්ට් තරගාවලියේ දී සංචිතයේ ස්ථානය අහිමිවූ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී සංචිතයේ ද ස්ථානය අහිමි විය. දකුණත් පිතිකරු 29 හැවිරිදි චන්දිමාල් ටෙස්ට් තරග 53 කදී ලකුණු 3768 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍යය 41.86 කි. 

ශ්‍රී ලංකාවේදී පසුගිය වසර අගදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ දී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහනමක් පැනවීම හේතුවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය. අකිල ටෙස්ට් තරග පහකදී කඩුලු 27 ක් දවාගෙන තිබේ.  මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 22 කින් යුත් සංචිතයක් නම් කර ඇති අතර ගාල්ලේදී ලබන 14 වැනිදා ආරම්භ වන පළමු තරගය සඳහා ඉදිරියේදී 15 දෙනකු නම් කිරීමට නියමිතය. 

 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...