අලුත් පොත්

යකඩ යුගයේ කාන්තාවකගේ සිරුරක් ස්විට්සර්ලන්තයේ ගසක බෙණයක

2019 අගෝස්තු 12 වැනි සඳුදා - 354  

ස්විට්සර්ලන්තයේ උතුරුදිග ප්‍රදේශයේ වූ සුරිච් නගරයෙහි පාසැල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ස්ථානයක ගසක බෙණයක තිබී වසර 2,200කට වඩා ඉපැරණි යකඩ යුගයේ විසූ කාන්තා මළ සිරුරක් හමුවී ඇත. ඉස්තරම් වූල්වලින් සැකසූ වස්ත්‍රයකින්ද, සලුවකින්ද, බැටලු ලොමින් කළ සැට්ටයකින්ද, වීදුරුවලින් කරන ලද මාලයකින් ද මළ සිරුර සැරසී තිබිණි. ඇගේ සවිමත්, දත් දෙපළ පරීක්ෂාකිරීමෙන් ලැබූ දත්ත වලට අනුව ඇය මිය යනවිට අවුරුදු 40 ක පමණ තැනැත්තියක වන්නට ඇතැයි ගණන් බලා ඇත.

ලෝකඩ අත්පළඳාව, ලෝකඩ බඳපටිය, ගාංචු සහ මාලයේ පෙන්ඩන්ටය අනුව මැය ඉතා පහළ සමාජ ස්ථරයේ කාන්තාවක නොවන බවද ගවේෂකයෝ පවසති. මළසිරුරේ අස්ථි සම්බන්ධයෙන් කළ පර්යේෂණවලදී අනාවරණය වූයේ ඇය ලිම්මත් නදිය ආශ්‍රිත නිම්න භූමියේ වැඩී වර්ධනය වන්නට ඇති බවයි ගස්බෙණය ඉතා උපක්‍රමශීලී ලෙස මළ සිරුර තැන්පත්කිරීමට සුදුසු ආකාරයෙන් සකසා තිබූ බවද ඔවුහු කියති.

(ඕල් දැට් ඉන්ට්‍රස්ටින් වෙබ් අඩවිය ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...