අලුත් පොත්

ඇමසන් වනය දැවි දැවි ගිනිගනී

2019 අගෝස්තු 22 වැනි බ්‍රහස්පතින්දා - 542  

ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරයෙහි වාර්තාගත ආකාරයෙන් 2019 වසරේදී ගිනිගැනීම් ඉහළයමින් පවතින බව නාසා ආයතනයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඇමසන් වනාන්තරයේ මෙම ගිනිගැනීම් සති තුනක පමණ කාලයක් තිස්සේ, එනම් 19 වන දිනටත් තවදුරටත් ගිනි ගනිමින් පවතී. චන්ද්‍රිකා දත්ත අනුව ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව එරට ජාතික අභ්‍යවකාශ අධ්‍යයනය ආයතනය පැවසුවේය.

ගොවීන් භූමිය එළිපෙහෙලි කිරීමේදී බ්‍රසීලයේ ජනාධිපති ජායිර් බොල්සොනාරො මහතා ඒ සඳහා ගොවියන්ව උනන්දු කර ඇති බවද, ඇමසන් වනය ගිනිගනිද්දී තමා නීරෝ බවට පත්ව ඇති බව ප්‍රකාශ කර ඇති බවද පැවසේ. ඔහු වන විනාශය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, එම කාර්යංශයේ ප්‍රධානියාව ඉවත්කර ඇති බවද, එම කාර්යාංශය තමා යටතට ගත් දින පටන් වැසි වනාන්තරය බහුලව විනාශවීමේ තොරතුරු වාර්තා වී ඇති බවද,  පවසමින් වන සංරක්ෂණ නිලධාරීන් ජනපතිට දොස් පවරා තිබිණි.

2013 සිට මේ දක්වා වූ ගිනිගැනීම් වලින් ඉහළම අගය වාර්තාවන්නේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ වූ ගිනිගැනීම් 74,000ක් සම්බන්ධයෙන් බවත්, ඇමසන් වන ප්‍රදේශය ආශ්‍රිතව වනාන්තරවල  ගිනිතැබීම් 9,500ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට වාර්තා වී ඇති බවත් ගණන් බලා ඇත. 2018 වසරේදී මෙම කාලයේදී ම ගිනිතැබීම් 40,000ක් පමණ වාර්තා වී තිබිණි. 2016දී එය 68,000ක් පමණ විය.

චන්ද්‍රිකා ඡායාරූප අනුව, බ්‍රසීලයේ උතුරු ප්‍රදේශයේ රෝරයිමා රාජ්‍යය විශාල කළු දුමාරයකින් වැසී ගොස් ඇති අයුරුද, ඒ සමීපයේ ඇති ඇමසන් වනය ගිනිගැනීමේ හදිසි තත්ත්වයක් දක්වා ඇති බවද පෙන්නුම් කර ඇත.

ඇමසන් වනාන්නතරය ගිනිගැනීමෙන් නැගුණු දුමාරය සාඕ පාවුලෝ නගරයේ කිලෝමීටර 2,700ක පමණ දුරකට විහිදී තිබිණි. නමුත් ඇතැම් කාලගුණ විද්‍යාඥයින් පවසා සිටියේ ඇමේසන් වනාන්තරයේ පැවතියේ, පාවුලෝ නගරයට සමීපව පිහිටි පැරගුවේ නගරයේ ඇති වූ ගිනිගැනීම් කිහිපයකින් පැන නැගුණු දුමාරය බවයි.

 (බීබීසී ඇසුරිනි) 

ඩිල්ෂානි චතුරිකා දාබරේ

 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...