ක්‍රීඩා පුවත්

අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට

2019 සැප්තැම්බර් 09 වැනි සඳුදා - 28  

අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.  ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7000ක් පමණ සහභාගි වූහ. මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරය දැරුවේ රුහුණ විශ්වවිද්‍යාලය විසිනි. ජපුර විශ්ව විද්‍යාලය මෙම ශූරතාව පිටපිට දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි.

දින 12ක් පුරා පැවැති මෙම ක්‍රීඩා උළෙල රුහුණ විශ්වවිද්‍යාලයේදී හා කොටවිල ක්‍රීඩා සංකීර්ණය, ගාල්ල, දික්වැල්ල, උයන්වත්ත යන ක්‍රීඩාංගණ කීපයකදී පැවත්විණි. සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර මහතාය.

මෙම අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ සභාපති මහාචාර්ය තිලක් ගමගේ, එම ලේකම් රුහුණ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසිංහ, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්  හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, 13 වැනි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සංවිධාන කමිටුවේ සභාපති රුහුණ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඊ.පී. සමන් චන්දන යන මහත්වරු ඇතුළු පිරිසක් විශේෂ ආරාධිත අමුත්තෝ ලෙස සහභාගි වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කුමාර් සංගක්කාර මහතා උත්සව සභාව අමතමින් පැවසුවේ අධ්‍යාපනය හැදෑරීමේදී ඉගෙන ගත නොහැකි බොහෝ දේ ක්‍රීඩාව තුළින් ඉගෙන ගත හැකි බවත් පූර්ණ මිනිසෙක් වීමට නම් ක්‍රීඩාව අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු බවත්ය.

මීළඟට යෙදෙන 14 වැනි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල 2022 දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය.

විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ අවසන් ප්‍රතිඵලයට අනුව පස්වැනි ස්ථානය දක්වා පැමිණි විශ්වවිද්‍යාල.

1. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (ලකුණු 353) 2. කොළඹ විශ්වවිද්‍යාලය (316.5) 3. මොරටුව විශ්වවිද්‍යාලය (288.5) 4. කැලණිය විශ්වවිද්‍යාලය (280) 5. පේරාදෙණිය විශ්වවිද්‍යාලය (257)

(බෙලිහුල්ඔය - ප්‍රින්ස් රත්නායක - ලංකාදීප ඇසුරිනි)

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...