ලොව වටා

බ්‍රහස්පති පැරදවූ සෙනසුරු 'වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහයා' වෙයි

2019 ඔක්තෝබර් 09 වැනි බදදා - 34  

වැඩිම චන්ද්‍රයන් ගණනක් සිටින බවට සලකන ලද බ්‍රහස්පති ග්‍රහයාට තිබු ස්ථානය සෙනසුරු ග්‍රහයා ලබාගෙන ඇතැයි අමෙරිකාවේ නවතම අධ්‍යයනයකින් හෙළ වී ඇති බව අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ කුඩා ග්‍රහයන් පිළිබඳ සමීක්ෂණ ආයතනය පවසයි.

සෙනසුරු වටා නව චන්ද්‍රයන් 20ක් අලුතින් සොයාගෙන ඇත. ඒ අනුව මේ වනවිට සෙනසුරුට සිටින චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් වන අතර, බ්‍රහස්පතිට සිටින චන්ද්‍රයන් ගණන 79ක් වේ. අලුතින් සොයාගත් චන්ද්‍රයන් සෙනසුරු ග්‍රහයාගේ සිට කිලෝමීටර 5ක පමණ දුරකින් පිහිටන බවද සොයාගෙන ඇත. එම චන්ද්‍රයන්ගෙන් 17 දෙනෙකු සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයේ පසුපස පිහිටා සිටි බවද පැවසේ.

හවායිවල ඇති  විශේෂ තියුණු දුරේක්ෂයකින් නිරීක්ෂණය කිරීමෙන් මෙම චන්ද්‍රයන් සොයාගෙන ඇත. සෙනසුරු වටා තවත් කුඩා චන්ද්‍රයන් 100ක පමණ ගමන්කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කිව හැකි මට්ටමට පර්යේෂණ තවදුරටත් කරමින් පවතින බවත් පවසයි. අලුතින් සොයාගත් චන්ද්‍රයන් සදහා නම් යෝජනා කරන්නැයිද එම ආයතනය පවසයි.

(බීබීසී, ද ගාඩියන් සහ අල් ජසීරා ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...