ලොව වටා

සිත්තර චිම්පන්සී 'කොංගෝ' ගේ සිතුවම් අලෙවියට

2019 ඔක්තෝබර් 09 වැනි බදදා - 123  

නිර්මාණාත්මක චිත්‍ර ශිල්පයෙහි සමත් කොංගෝ නම් චිම්පන්සියා විසින් කලකට පෙර අදින ලද සිතුවම් 55ක් ලන්ඩනයේ චිත්‍ර ප්‍රදර්ශන ශාලාවෙහිදී මහජනයාට අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.

පැබ්ලෝ පිකාසෝ, ජෝන් මිරෝ ආදී සිතුවම් ශිල්පීන් විසින් අගය කරන ලද මෙම චිම්පන්සියා සිතා බලා, මැනවින් වර්ණ භාවිත කරමින් නිර්මාණ කරන්නෙකුව සිටි බව පැවසේ.

ප්‍රකට මානවවිද්‍යාඥයකු මෙන්ම චිත්‍ර ශිල්පියකුද වන ඩෙස්මන්ඩ් මොරිස් සතුව මෙම සිතුවම් එකතුව පවතී. 'නිරුවත් වානරයා' ආදී මානව ඉතිහාසයේ කෘති පළ කළ ලේඛකයාද මොහු වේ. ඔහු ලන්ඩනයේ පිහිටි ගැලරියේදී ඩොලර් 1,500 සිට 7,400 දක්වා මිලකට මෙම සිතුවම් අලෙවි කරන බව පවසා ඇත. ඩොලර් 247,000කට ආසන්න වටිනාකමක් මෙම සිතුවම් සියල්ලෙන් ලබාගැනීමට හැකිවනු ඇතැයි ඔහු පවසයි.

1950 දී පමණ කොංගෝ සිය සිතුවම් හේතුවෙන් අතිශය ජනප්‍රියත්වයට පත්විය.

වසර 3කදී මෙම චිම්පන්සි සිත්තරා සිතුවම් 400ක් නිම කළ අතර, ඒවා විශිෂ්ට සිතුවම් ලෙස  වියතුන් විසින් නම් කරන ලදී. 1964දී කොංගෝ මියගොස් දැන් වසර 50කට වැඩි කාලයක් වඩා ගතවුවද, එම සිතුවම්වලට ඇති ඉල්ලුම තවමත් අඩුව නැත.

(සී එන් එන් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

  

 

 

 

 

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...