ක්‍රීඩා පුවත්

පාසල් ක්‍රිකට් නංවන්න ක්‍රිකට් ආයතනයෙන් පන්දු යැවීමේ යන්ත්‍ර

2019 නොවැම්බර් 05 වැනි අඟහරුවාදා - 8  

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16 ක්, වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වලට බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගනු ලැබීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සිදු කෙරුණු මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රථමයෙන්ම ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම පාසල් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 16 ක් වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීම සිදු කරන ලදී.

එම වැඩසටහන යටතේ දිවයිනේ පළමු පෙළ ක්‍රීඩා කරන පාසල් 36 ටම ලබාදීම ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව වන අතර ඉතිරි යන්ත්‍ර 20 ද මේ වන විටත් ඇනවුම් කර තිබේ. ඒ අනුව ඒ සියල්ල ශ්‍රී ලංකාවට පැමිණි විගස එම පාසල් වලට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

සාමාන්‍ය පන්දු යැවීමේ යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා විදුලි බලය ලබා දිය යුතු වුවත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කොට ඇති මෙම පන්දු යැවීමේ යන්ත්‍රය පැය 3 ක පමණ කාලයක් එහි ඇති විදුලි කෝෂය (Battery) හරහා ක්‍රියාකරවීමේ හැකියාවකින් යුක්ත වීම විශේෂත්වයක් ලෙසින් සැලකේ.

භාවිත කිරීමෙන් පසු නැවත විදුලිය ආරෝපණය කරගත හැකි (Charging) ආකාරයෙන් මෙම පන්දු යැවීමේ යන්ත්‍රය නිර්මාණය කිරීම නිසා පාසල්වල පුහුණු කටයුතු විදුලි රැහැන් භාවිතයකින් තොරව ඉතා පහසුවෙන් සිදු කිරීමේ හැකියාව පවතිනු ඇත.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් හයලක්ෂ පනස්දහසක (650,000/=) මුදලකින් යුක්ත වන මෙම විදුලිය ආරෝපණය කර ගත හැකි ආකාරයේ පන්දු යැවීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් වේ. ඒ අනුව එම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීමේ පළමු අදියර වශයෙන් අවසන් පාසල් තරග වාරයේදී කාණ්ඩ 4 හි පෙරමුණ ගනු ලැබූ පාසල් 4 බැගින් වූ පාසල් 16 සඳහා මෙම පන්දු යැවීමේ යන්ත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා ද සහභාගිවී සිටියේය.

 

 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...