entertainment

ලතා මංගේෂ්කාර් සුව අතට

2019 නොවැම්බර් 13 වැනි බදදා - 157  

භාරතයේ ගීත කෝකිලාවිය වන, ලතා මංගේෂ්කාර් පසුගිය සඳුදා දිනයේ මුම්බායිහි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණද, ඇගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා ඇයව රෝහල් ගතකෙරිණි. ඇය මේ වනවිට 90 හැවිරිදි වියේ පසුවන්නීය.‍
 
රෝහල් ගතකිරීමෙන් පසු රෝහල් ආරංචි මාර්ග සඳුදා පැවසුවේ ඇගේ තත්ත්වය බරපතල බවයි.  කෙසේවෙතත්, එම පවුලේ සාමාජිකයන්ගේ ප්‍රකාශයකු පැවසුවේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බවයි. “ලතා මහත්මියට දැන් සෑහෙන්න සුවයි. ඔබ සියලුදෙනාගේම ප්‍රාර්ථනා සහ යාච්ඥාවන්ට ස්තූතියි. ඇය උපරිම සුවය ලබාවී කියායි අපි බලාගෙන ඉන්නේ. එවිට ඇයට ඉක්මණින් නිවසට එන්න ලැබේවි. අප සමඟ මේ අවස්ථාවේ සිටීම සහ අපගේ පෞද්ගලිකත්වයට ගරුකිරීම ගැන ස්තූතියි” යැයි පවුලේ ප්‍රකාශකයෙක් පැවසීය.
 ලතා මංගේෂ්කාර් මහත්මිය නියුමෝනියාවෙන් සහ හෘදයේ වම් කෝෂිකාවෙහි ක්‍රියාකාරීත්වයෙහි මතු වූ ගැටලුවක් හේතුවෙන් පීඩා විඳිමින් සිටියාය. පවුලේ සාමාජිකයන් ඉන්පසුව සඳහන් කළේ, මංගේෂ්කාර් මහත්මියගේ සෞඛ්‍ය තත්වය සැලකිය යුතු අන්දමින් සුව අතට පත්වන බවයි. “ඇය එම රෝගී තත්වයෙන් ඉවතට පැමිණීමට දැඩි සටනක් ගත්තා.  ගායිකාවක වීමෙන්, ඇගේ පෙනහලුවල රැඳී තිබූ ශක්ති ප්‍රමාණයෙන් ඇය එම රෝගයෙන් ඉවතට පැමිණියා.”
 
ලතා මංගේෂ්කාර් මහත්මිය ‘ඒක් ප්යාර් කා නග්මා හේ’, ‘රාම් තේරි ගංගා’, ‘ඒක් රාධා ඒක් මීරා’, ‘දිදී තේරා දීවර් දිවානා’ වැනි ජනප්‍රිය හින්දි ගීත ගණනාවක් සඳහා  දායකත්වය ලබාදී ඇත. 2001 වසරේදී ඇයට ඉන්දීය රජය විසින් භාරත රත්න සම්මානය පිරිනමන ලදී. “ශ්‍රී ලංකා... මා ප්‍රියාදර ජයභූමි” ගීතයේ මුල් ගායිකාව වන්නේද ලතා මංගේෂ්කාර් මහත්මියයි. ඇය විසින් මෙම ගීතය ගායනා කරන ලද්දේ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සැඩ සුළං’ චිත්‍රපටය වෙනුවෙනි.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා  ඇසුරිනි)

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...