පාසල් පුවත්

ශිෂ්‍යත්ව, සහතික පත්‍ර ප්‍රදානය සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයක්

2019 නොවැම්බර් 29 වැනි සිකුරාදා - 32  

පාසල් අධ්‍යාපනය ලබන දරැවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක්, මක්කානිගම බුද්ධි ප්‍රදීප සමාජ සේවා හා පාරිසරික පදනම් ආයතනයේදී, බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරාධිපති ශාස්ත්‍රපති යටවත්තේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. බුද්ධි ප්‍රදීප සමාජ සේවා හා පාරිසරික පදනම සංවිධානය කොට තිබුණි. 
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති ඉගෙනීමට දක්ෂ දරැවන්ට ශිෂ්‍යාධාර, පාසල් උපකරණ සහ පරිගණක පාඨමාලා හැදෑරැ අයට සහතික පත්‍ර ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය. 
මෙම අවස්ථාවට මක්කානිගම අශෝකාරාමයේ නාපාන නන්දසාර හිමි, බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරාධිකාරි, මහනුවර ධර්මරාජ විදුහලේ ආචාර්ය, බුද්ධි ප්‍රදීප සමාජසේවා හා පාරිසරික පදනමේ නිර්මාතෘ, විධායක අධ්‍යක්ෂක ශාස්ත්‍රපති මක්කානිගම බුද්ධදත්ත හිමි, ආචාර්ය දීගල චන්දාජෝතී හිමි, බුද්ධි ප්‍රදීප පදනමේ අධ්‍යක්ෂකවරැ, පුහුණු උපදේශක, උපදේශිකාවෝ,  ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 


(සිසිර කුමාර බණ්ඩාර)

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...