ලොව වටා

ඉතා ඉක්මනින් තේ දළු නෙලීමට නව යන්ත්‍රයක් නිපදවූ ලක්ෂිත

2019 දෙසැම්බර් 06 වැනි සිකුරාදා - 132  

පැයක් ඇතුළත තේ දළු කිලෝ දොළහක් කැඩීමට හැකි යන්ත්‍රයක් දාහතර හැවිරිදි සිසුවකු වනඩබ්ලිව්. පී. සචිත් ලක්ෂිත  විසින් නිර්මාණය කර තිබේ. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිස්වත්තේ පදිංචි ඔහු නව නිපැයුම් තරගයෙන් පලාත් හා සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇති අතර  ඔහු මේ වන විට තායිලන්තයේ පැවැත්වෙන නව නිපැයුම් තරගය සඳහා මෙම දළු නෙළන යන්ත්‍රය ඉදිරිපත් කොට තිබේ.

ලක්ෂිත සිය නිර්මාණය පිළිබඳ මෙසේ පැවසීය.

අපේ ප්‍රදේශයේ විශාල වශයෙන් තේ වගාව තමයි තියෙන්නේ  ඒ නිසා දළු නෙළීම සඳහා විශාල වශයෙන් ශම ඉල්ලුමක් තිබෙනවා.. මට අපේ ගේ ළග නැන්ද කෙනෙක් දවසක් මේ වගේ දළු කපන්න හැකි යන්ත්‍රයන් පෙන්නුවා ඒකෙන් පොඩි දළුත් කැපෙන නිසා පොඩි අසාර්ථකත්වයක් මම දැක්කා. මට හිතුණා ඒ අඩු පාඩුව නැති යන්ත්‍රයක් හදන්න ඕන කියලා.. ඒ අනුව මම මේක හැදුවා මගේ යාළුවෝ කිහිප දෙනෙක් වන උළිඳුයි උපේක්ෂයි මහකුමාරයි මට හුඟාක් උදව් කළා.

මගේ තාත්තා ඩබ්ලිව්. පී. අජිත් සහ අම්මා ආර්. පී. ප්‍රියන්ති යන දෙන්නගේමත් ගුරුවරියන් වශයෙන් අධ්‍යාපනය හදාරන මගේ සහෝදරිය රශ්මි අංජලිකත් මාව මේ නිර්මාණය කරන්න දිරිමත් කළා.  මම මේ වන විට තායිලන්තයේ පැවැත්වෙන නව නිර්මාණ තරගයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. එ වගේම  මේ සඳහා පේටන්ට් බලපත්‍රය ගන්න කටයුතු කරනවා.

ඒ වාගේම පාසලේ අධ්‍යාපන කටයතු සියල්ලම හොඳින් කරන ගමන් ඉදිරියේදී තව නිර්මාණ රැසක් සිදු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

 (විශ්ව ගැමුණු ප්‍රියංකර)

 

දින පොත
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...