අලුත් පොත්

ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ සානා මැරීන්

2019 දෙසැම්බර් 10 වැනි අඟහරුවාදා - 133  

ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස ෆින්ලන්තයේ සානා මැරීන් දිවුරුම් දීමට නියමිතව ඇත. 34 හැවිරිදි සානා මැරීන්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුයේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ය. තැපැල් වර්ජනයක් හේතුවෙන් ෆින්ලන්තයේ හිටපු අගමැති අන්ටි රින්නේ ඉල්ලා අස්වූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඒ සඳහා සානා මැරීන් නම් කර තිබේ. පක්ෂ පහකින් සැදුම්ලත් ෆින්ලන්ත සභාග රජයේ පක්ෂ හතරකම කාන්තාවෝ නායකත්වය දරති.

වයස අවුරුදු 27 දී ඇගේ උපන් ගම වන ටැම්පෙරේ නගර සභාවේ ප්‍රධානියා ලෙස සානා තේරී පත්විය. එතැන් සිට ෆින්ලන්ත දේශපාලයේ වේගවත් ගමනක් යෑමට ඇයට හැකිවූ අතර 2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූවාය.

(රොයිටර් පුවත් ඇසුරිනි)

TOPSHOT - Sanna Marin of Finland's Social Democrates is pictured after she was elected to the post of Prime Minister in Helsinki, Finland, on December 8, 2019. - Sanna Marin narrowly won the vote to replace outgoing leader Antti Rinne, who resigned on Tuesday, December 3, 2019, after losing the confidence of the coalition partner Centre Party over his handling of a postal strike. (Photo by Vesa Moilanen / Lehtikuva / AFP) / Finland OUT[/caption]
(Photo by Vesa Moilanen / Lehtikuva / AFP) / Finland OUT

 

දින පොත
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...