පුවත්

නව අධ්‍යාපන කාර්ය සාධක බළකායක්

2020 ජනවාරි 14 වැනි අඟහරුවාදා - 47  

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා‍ ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බළකායක් පත්කිරීමට රජය කටයුතු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශ අනුව මෙම කාර්ය සාධක බලකාය පත්කර ඇති අතර ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) සිදුකෙරිණි.

මෙම කාර්ය සාධන බළකාය අධ්‍යාපන, සෞඛ්‍ය, වෘත්තීය අධ්‍යාපන සහ මාධ්‍ය යන විවිධ ක්ෂේත්‍රයන්හි විෂය විශේෂඥයින්ගෙන් සමන්විත වෙයි.

එහි කණ්ඩායම් ප්‍රධානී ලෙස ආචාර්ය එම් උපාලි සේදර මහතා පත්කර ඇත. ආචාර්ය පී . එන් මීගස්වත්ත, මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය එම් ඩී ළමාහේවා, මහාචාර්ය ඩබ්ලිව් ඩී කුලරත්න, හිටපු අධ්‍යාපන අතිරේක ලේකම් එස්. යූ විජේරත්න, මහාචාර්ය රස්නායක එම් මුදියන්සේ, ආචාර්ය හර්ෂ අලස්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් විෂය භාර අතිරේක ලේකම් ආචාර්ය මධුරා වේහැල්ල, මහාචාර්ය නාරද වර්ණසූරිය, මහාචාර්ය නාරද වර්ණසූරිය, ආචාර්ය ටී ඒ පියසිරි මහතා ඇතුළු නිලධාරීන් 12 දෙනෙක් මෙම කාර්ය සාධන බළකායට ඇතුළත් වෙයි.

රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට වැඩසටහන් සම්පාදනය, ක්‍රමෝපායන් හඳුනාගැනීම, ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද හඳුනාගැනීම, අන්තර් ආයතනීය සම්බන්ධීකරණය, නියාමනය, ප්‍රතිපෝෂණය සැපයීම ඇතුළු කාර්යයන් රැසක් මෙම කාර්ය සාධන බළකායේ සාමාජිකයන්ට පැවරේ.

 

 

දින පොත
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...