ලොව වටා

දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් නිදහස්

2020 පෙබරවාරි 06 වැනි බ්‍රහස්පතින්දා - 22  

රිපබ්ලිකන් පක්ෂය දෝෂාභියෝග නඩු විභාගයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිර්දෝෂී කරමින් ඔහුට දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයට අවස්ථාව සැලැසීය.

දෝෂාභිගයෝග විභාගයේ ඡන්ද විමසීම ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේදී ඊයේ (5) පස්වරුවේ පැවැත්විණි. එරට වේලාවෙන් ඊයේ (5) පස්වරු 4ට ඡන්ද විමසීම ආරම්භ විය.

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ‘ජනාධිපතිවරයාට හිමි බලය අවභාවිත කිරීම’ සහ ‘ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයට බාධා කිරීම’ වගන්ති මත පදනම් විය.

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී සෙනෙට් සභිකයන්ගෙන් වෙන වෙනම ඡන්දය විමසීය. ඒ අනුව පළමු චෝදනාවට විපක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 48ක් පමණි. දෙවැනි චෝදනාවට විපක්ෂව ඡන්ද 53ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 47ක් ලැබිණි.

ඇමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝග විභාගයකට මුහුණ දුන් තෙවැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාව ආසන 100කින් සමන්විතය. රිපබ්ලිකන්වරු ඉන් ආසන 53කට හිමිකම් කියති. ඩිමොක්‍රටික් පක්ෂය සතුව ඇත්තේ ආසන 45ක් පමණි. ස්වාධීන සෙනෙට් සභිකයන් දෙදෙනෙකි.

කොංග්‍රසයේ තිබෙන බෙදීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැවැන්ත බෙදීමක් නිර්මාණය වී ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. ඇමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුව හෙවත් සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් මණ්ඩල දෙකකි. සෙනෙට් සභාවේ බලය ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීමෙන් නැවත ජනාධිපති ධුරයට පත්වීම සඳහා ඩොනල්ඞ් ට්‍රම්ප් යුක්රේනයෙන් සහාය ඉල්ලූ බව කියමින් ඔහුට පළමු චෝදනාව එල්ල විය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර ඩොලර් මිලියන ගණනක් රඳවාගෙන සිටි බවටත් සාකච්ඡාවක් සඳහා ධවල මන්දිරයට පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කළ බවටත් ඒ යටතේ ඔහුට චෝදනා එල්ල විය. හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි ද එහිදි ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයට බලපෑම් කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය.

ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වී සිටී. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජෝ බයිඩන් තේරී පත්වුවහොත් ඔහු  ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජය කරනු ඇතැයි සමීක්ෂණ පෙන්වාදෙයි.
පසුගිය වසරේදී දෝෂාභියෝග විභාගයේ පළමු කරුණු පළමු විමසීම් පැවැත්විණි. එහිදි ධවල මන්දිර කාර්යමණ්ඩලයට කොංග්‍රසය හමුවේ සාක්ෂි ලබාදීමට ඉඩ නොදීම නිසා ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රසයට බාධා කළේ යැයි චෝදනා එල්ල වූ අතර එය ඔහුට එල්ල වූ දෙවැනි චෝදනාව විය.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර දෙසැම්බර් 18 වැනිදා එය සම්මත විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝග චෝදනාව සම්මත වුවද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු විය. ඒ අනුව ජනවාරි මස මුලදී දෝෂාභියෝග යෝජනාව සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව සෙනෙට් මණ්ඩලයේදී දෝෂාභියෝග විභාගය සහ ඡන්ද විමසීම පැවැත්විණි.

ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්‍ර වී ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (4) කොංග්‍රසයට සිය වාර්ෂික කතාව ඉදිරිපත් කළ අතර ඔහු එහිදි කතානායක නැන්සි පෙලොසිට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමත් ඇය ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමීමත් දෙදෙනා අතර ඇති ආරවුල තීව්‍ර කිරීමට හේතුවිය.

ඇමෙරිකානු ජනාධිපතිවරු වාර්ෂිකව එරට කොංග්‍රසය අමතන අතර එය ඉංග්‍රීසි බසින් ‘ස්ටේට් ඔෆ් ද යුනියන් ස්පීච්’ යනුවෙන් හැඳින්වේ. ඇමෙරිකාවේ පාර්ලිමේන්තුව කොංග්‍රසය, සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කොටස් දෙකකින් සමන්විතය.  සෙනෙට් සභාවේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට වන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකව වන නැන්සි පෙලොසි ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකාවකි.

ජනාධිපති ට්‍රම්ප් බලය අවභාවිත කළේ යැයි චෝදනා කරමින් ඩිමොක්‍රටික් පක්ෂය ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනා අතර එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය. මේ දිනවල එය සෙනෙට් සභාවේ  විභාග වෙමින් පවතී.
මිනිත්තු 80ක් දීර්ඝ වූ ජනාධිපතිවරයාගේ කතාවේදී දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොකීවේය.

කෙසේ නමුත් මෙහිදි පක්ෂ දෙක අතර විශේෂයෙන් ජනාධිපතිවරයා සහ කතානායක අතර තිබෙන ගැටුම උත්සන්න වන ආකාරයේ වචන ද භාවිත විය.

ජනාධිපති ට්‍රම්ප්ගේ කතාව පැවැත්වෙද්දි රිපබ්ලිකන්වරුන් වරින් වර නැගිට අත්පොළසන් දුන් අතර ඩිමොක්‍රටික්වරු නිහඬව අසුන් ගෙන සිටියහ.

රිපබ්ලිකන් පක්ෂය බොහෝ දුරට ජනාධිපති ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කරනු ඇතැයි පැවසේ. බලය අවභාවිත කිරීමට අමරතව ට්‍රම්ප් කොංග්‍රසයට බාධා එල්ල කළේ යැයි ද චෝදනා එල්ල වී තිබේ. දෝෂාභියෝග විභාගයේ ඡන්ද විමසීම එරට වේලාවෙන් බදාදා, එනම් අද (5) පස්වරු 4ට ආරම්භ වීමට නියමිතය.

ට්‍රම්ප් සහ පෙලොසි මෙසේ හමුවූයේ මාස හතරකට පසුවය. ධවල මන්දිරයේ පැවැති රැස්වීමකදී පෙලොසි ඉවත් කිරීමට ට්‍රම්ප් පියවර ගෙන තිබිණි. ඉන් පසු දෙදෙනා මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය විය. සිය වාර්ෂික කතාව කිරීමට පීඨීකාවට පැමිණි අවස්ථාවේදී පෙලොසි ඔහුට ආචාර කිරීම සඳහා අත දිගු කළත් ජනාධිපති ට්‍රම්ප් එය ගණනකට නොගත්තේය. ට්‍රම්ප්ගේ කතාවෙන් පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා පෙලොසි, ජනාපති ට්‍රම්ප්ගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමුවාය.

ජනාධිපතිවරයා කොංග්‍රසය ඇමතීමට පෙර කතානායකවරයා සාම්ප්‍රදායිකව ඔහු හඳුන්වාදෙන අතර එහිදි ගෞරවාන්විත සහ වරප්‍රසාදිත යන අරුත් දෙන ඉංග්‍රීසි වදන් යොදාගැනේ. එහෙත් මෙවර කතානායිකා පෙලොසි ට්‍රම්ප් හඳුන්වාදුන්නේ “කොංග්‍රසයේ සාමාජිකයනි, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති” යනුවෙනි.

රොයිටර්

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...