පුවත්

ඔස්කාර් ඉතිහාසයේ වෙනසක්

2020 පෙබරවාරි 10 වැනි සඳුදා - 42  

ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකරගෙන තිබේ.

දකුණු කොරියානු චිත්‍රපටයක් වන ‘Parasite’ මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකරගත් අතර එම චිත්‍රපටය  ඔස්කාර් සම්මාන 4ක් හිමිකර ගැනීමට සමත්විය. ඒ අනුව මෙවර වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත්ත් චිත්‍රපටය බවටද එය පත්විය.


Judy චිත්‍රපටයේ Judy Garland චරිතයට රඟපෑ Renee Zellweger දක්ෂතම නිළිය ලෙසත් Joker චිත්‍රපටයේ රඟපෑ Joaquin Phoenix හොඳම නළුවා ලෙසත් සම්මාන ලැබීය.


Brad Pitt හා Laura Dern පිළිවෙලින් හොඳම සහාය නළුවා හා නිළියට හිමි සම්මාන හිමිකරගත්හ.  ඒ පිළිවෙළින් ඔවුන් රඟපෑ Once Upon A Time in Hollywood හා Marriage Story  චිත්‍රපට වෙනුවෙනි.

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...