පාසල් පුවත්

සහසක් නව නිපැයුම් - පාසල් අංශයේ පළමු තැන තාරකට

2016 නොවැම්බර් 22 වැනි අඟහරුවාදා - 287  

ශ‍්‍රී ලංකා නව නිපැයුම් කරැවන්ගේ කොමිසම සංවිධානය කළ  සහසක් නව නිපැයුම් - 2016 තරගාලියේ පාසල් අංශයේ සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට අන්ධ පුද්ගලයන්ට පරිහරණය කළ හැකි නවීන පන්නයේ සැරයටියක් නිපදවූ  මාවතගම මධ්‍ය මහා විදුහලේ 8  ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.එම්. තාරක දිල්ෂාන් කුමාර හේරත් සමත් වී සිටියි. පසුගිය  දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ර`ගහලේ දී සහතික පත් හා පදක්කම් තාරක දිල්ෂාන් කුමාර හේරත් ට පිරිනැමිණි. තාරක දිල්ෂාන් කුමාර හේරත් ශිෂ්‍යයා විසින් තමා නිපදවූ සැරයටිය පිළිබඳ විස්තර මෙසේ පැවසීය.

DSCN6816මේ සැරයටියෙන් වෙනත් පුද්ගලයන්ට පෙනෙන ලෙස ආලෝකයක් නිකුත්වෙනවා. අන්ධ පුද්ගලයන්මේ සැරයටිය අරන් ගමන් කරන විට  ඒ අයට ඉදිරියෙන් බාධා ඇති තැන් දැනුම් දෙනවා. උදවූ අවශ්‍ය විට ඒ බව ද දැනුම් දේ. එම සැරයටියෙහි භාවිත කරන බැටරිය පැය 17 ක් ක‍්‍රියාත්මක වීමත් මෙම සැරයටියේ විශේෂත්වයකි. තාරක දිල්ෂාන් ශිෂ්‍යයාට මෙම සැරයටිය නිෂ්පාදනය කිරීමට රුපියල් 2500 මුදලක් වියදම් වී ඇති අතර  මාසයක කාලයක් ගත වී ඇත. ඔහු කරාතේ ක‍්‍රීඩාවෙන් ද දක්ෂතා දක්වා ඇති සිසුවෙකි. ඒ සඳහා  පළාත් මට්ටමේ සහතික හා පදක්කම් රාශියක්  දිනා ඇත. තාරක දිල්ෂාන් මීට ප‍්‍රථම මකුළු දැල් කඩන යන්ත‍්‍රයක් හා සැරයටියක් ද නිපදවා ඇත. ඔහු තම  තාක්‍ෂණික දැනුම දියුණු කරගත හැකි පාසලකට ඇතුළත් වී තමාගේ තාක්‍ෂණික ඥාණය දියුණු කරගෙන අනාගතයේ දී රටට වැඩදායි නව නිපැයුම් කරුවෙකු වීමට බලාපොරොත්තු වෙයි. ඔහුට විජය පුවත්පතේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු.

සටහන හා ඡායාරූප - කාන්චනමාලා බණ්ඩාර

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...