පරිසරය

වායු දූෂණය නැවතෙයි - එවරස්ට් කඳු මුදුන දර්ශනය වෙයි

2020 මැයි 25 වැනි සඳුදා - 202  

පසුගිය සතියේදී නේපාලයේ කත්මන්ඩු නුවරට පළමුවරට ලොව උසම කන්ද වන එවරසට් කඳු මුදුන දර්ශනය විය.  මෑත ඉතිහාසයේ එය දර්ශනය වූ පළමු අවස්ථාව මෙයයි. එම අවස්ථාව ඡායාරූප ගත කර තිබුණේ අබුෂාන් ගෞතම් නමැත්තෙකි. පසුගිය මාස දෙක තුළදී එවරස්ට් කන්ද දර්ශනය නොවූ බව නේපාලයේ පුවත්පත් වාර්තා කරයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අගුලුදැමූ, සීමා පැනවූ නගරවල වාහන ධාවනය නොවීමෙන්ද, කර්මාන්තශාලාවල කටයුතු නවතාතිබීමෙන්ද වායු දූෂණය අඩුවෙමින් තිබීමත්, පිරිසිදු වායුව පැතිරතිබීමත් එවරස්ට් දර්ශනයවීමට හේතුවයි.

වාහන ධාවනයෙන් පැතිර යන දුම වායු දූෂණයට ප්‍රධාන හේතුව වී තිබූ අතර, පසුගිය මාස කිහිපයේදී වාහන ධාවනය වීම ඉතාම අවම වීම හේතුවෙන් එයින් යහපත් බලපෑමක් සිදුව තිබේ.

කත්මන්ඩුහි වායූ දූෂණය හේතුවෙන් හටගන්නා රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර අඩුවීමක්ද දක්නට ලැබිණි. බොහෝ රෝගීන්  පවසා ඇත්තේ, රෝහලේ වෛද්‍යවරුන් නියම කළ පරිදි ඔක්සිජන් වායු ප්‍රතිකාරය අවශ්‍ය නොවූ බවයි.

 එවරස්ට් කඳු මුදුන, කන් නඩුවෝ සසහ චොබුට්සේ යන කඳුවලට සැඟවී තිබෙනු මැයි 10 වන දින දක්නට ලැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

(නේපාලි ටයිම්ස් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

 

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...