ලොව වටා

බ්‍රිතාන්‍ය 'රැජිනගේ නායිකාවක්' වූ ශ්‍රී ලාංකික තරුණිය

2016 ජුනි 28 වැනි අඟහරුවාදා - 125  

BBC Sandeshaya- පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් තෝරා ගන්නා ලද තරුණ නායක නායිකාවන් 60 දෙනෙක් පසුගිය සතියේ ලන්ඩනයේදී බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින අතින් සම්මාන ලැබූහ.

ඒ 'රැජිනගේ තරුණ නායක, නායිකාවන්' (Queens Young Leaders) වශයෙන්.

ශ්‍රී ලාංකික තරුණියක්ද ඒ අතර සිටියාය.

ඇය නුෂෙල් ද සිල්වා. යුද ගැටුම්වලින් අනතුරුව විශේෂයෙන්ම උතුරේ දෙමළ සහ මුස්ලිම් දරු පරපුර අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම් වස් දියත් කළ Building Bridges ව්‍යාපෘතිය වෙනුවෙනුයි නුෂෙල් එලිසබෙත් රැජිනගෙන් සම්මාන ලැබුවේ.

ඉතා කුලෑටි, ලජ්ජාශීලී ශිෂ්‍යාවකව සිටි සමයේ සිය සමේ වර්ණය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පාසලේදී අනෙක් දරුවන්ගේ උසුළු විසුලුවලටත් ලක් වූ ඇය, රැජිනගේ තරුණ නායිකාවක දක්වා පැමිණි මාර්ගය ඇය විස්තර කළේ සිය ලන්ඩන් සංචාරය අතරතුර දී බීබීසී සංදේශය මැදිරියට ගොඩ වැදුන අවස්ථාවේ.

"අට වෙනි ශ්‍රේණියේදි මට අවස්තාවක් ලැබුන අන්තර නිවාසික නාට්‍ය තරඟයට ඇතුලත් වෙන්න," ඇය සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.

"මට ලැබුණේ මට වඩා ගොඩක් වයසින් වැඩි බීමත් පිරිමි චරිතයක්. ඇත්තටම එකෙන් මට ආත්ම විශ්වාසය ගොඩ නැගුන. ඒ වගේම අපිට හමු වෙන ඒ වගේ අමාරු චරිත එහෙම හැසිරෙන්නේ ඇයි කියන එක මට තේරුණා."

එදා ඒ නාට්‍ය වැඩමුළුවෙන් සිය ජීවිතයට ලැබුන ආභාෂය ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පීඩා විඳි දරු දැරියන්ගේ ජීවිත නගා සිටුවීම් වස් යොදාගැනීම වෙනුවෙනුයි ඇය 'රැජිනගේ නායිකාවක්' වශයෙන් තෝරා ගැනෙන්නේ.

මේ වසරේ වයස අවුරුදු තිහට අඩු ආසියානු ව්‍යවසායකයන් තිස් දෙනා අතරින් කෙනෙකු ලෙසින් ෆෝබ්ස් සඟරාව මගින්ද නුෂෙල් ද සිල්වා පසුගියදා සම්මාන ලැබුවාය.

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...