Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ගම්පහ දිසාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද වත්මන් ප්‍රධාන කොමසාරිස් මිලින්ද පීරිස් මහතාගේ පත්වීමත් සමග එම තීරණය වෙනස් විය. 
ඒ අනුව 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලය බාලදක්ෂ දිස්ත්‍රික්කයේ පැවැත්විය යුතු බවට තීරණය වී ඇත. මේ පිළිබඳ කරැණු විමසා බැලීමට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා ත්‍රිකුණාමලයේ  නිරීක්ෂණ චාරිකාවක යෙදූණෝය.
 එම චාරිකාවේදී.. ජම්බෝරිය පැවැත්වෙන භූමිය හා එහි යටිතල පහසුකම් ආදී තවත් තොරතුරැ පිළිබඳව සොයා බලා ඇත.

ජම්බෝරි භූමිය ස්ථිර වෙයි
ත්‍රිකුණාමලය ශාන්ත මේරි විදුහල හා හින්දු විද්‍යාලය ආශ්‍රිත ප්‍ර දේශය ප්‍රධාන ජම්බෝරි භූමිය ලෙස තෝරා ගැනීමට නියමිතය. 
ත්‍රිකුණාමලය මුහුදු තීර, නිලාවේලි මුහුදු තීරය, කෝනේශ්වරම් ආශ්‍රිත කඳු මුදුන්  ආදී ස්ථානවල බාලදක්ෂ එළිමහන් පුරෝගාමී අභ්‍යාස කිරීමට ජම්බෝරි ක්‍රියාකාරකම් කමිටුව කටයුතු සංවිධානය කරයි. 

ජාතික ජම්බෝරියට සමගාමීව පැවැත්වෙන සන්සෝ ජම්බෝරිය 
ශ්‍රී ලංකාවේ පවත්වන 10 වැනි ජාතික ජම්බෝරියට සමගාමීව බාලදක්ෂයින්ට ජාත්‍යන්තර ජම්බෝරි අත්දැකීමක් ලබා දීමේ අරමුණින් සිව්වැනි සන්සෝ ජම්බෝරිය පැවැත්වෙයි. 
දකුණු ආසියාතික සහයෝගිතා ජාතික බාලදක්ෂ සංගම් ජම්බෝරියට (SAANSO) විදේශීය බාලදක්ෂයෝ දහසක් කඳවුරැ බඳිති.

සන්සෝ ජම්බෝරි ඉතිහාසය
ප්‍රථම වතාවට දකුණු ආසියාතික සහයෝගිතා ජාතික බාලදක්ෂ සංගම් ජම්බෝරියක් පැවැත්වූයේ 2014 වර්ෂයේදී ය. බංගලාදේශයේ බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වූ එම ජම්බෝරියට බාලදක්ෂයෝ අටදහස් පන්සියයක් සහභාගි වූහ. 
සන්සෝ ජම්බෝරියක් දෙවැනි වරට පැවැත්වූයේ පාකිස්තානයේදී ය. තෙවැනි සන්සෝ ජම්බෝරිය නැවතත් බංගලාදේශයේ පැවැත්වීම විශේෂ සිද්ධියකි.

ජම්බෝරි සුරතලා
10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියෙහි ජම්බෝරි සුරතලා සේ තෝරාගෙන ඇත්තේ මුව පැංචායි. 
තිත් මුව පැංචකු ජම්බෝරි සුරතලා වශයෙන් තෝරා ගැනීමට ආසන්නම හේතුව වී ඇත්තේ ජම්බෝරි භූමියෙහි නිරතුරැව හැසිරෙන මුව රූනයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.