Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සාමයේ පණි­වි­ඩය ලොවට ගෙන ආ ජේසු සමි­ඳා­ණන්ගේ උපත සිහි­පත් කෙරෙන අසි­රි­මත් නත්තල් දිනය අදයි. සාමය, මානව දයාව, අනුන්ට උදවු කිරීම, ප්‍රේමය යනාදි ගුණ­ය­හ­ප­ත්කම් ලෝක­වාසී කිතුනු බැති­මත්හු අද (25) දින­යේදී ජේසු සමි­ඳා­ණන්ගේ උපත සම­රනු ලබති.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ ඒ අසි­රි­මත් නත්තල උදා වූ අතර අප රට ඇතුළු  ලොව පුරා දේව­ස්ථා­න­වල පූජා පැවැ­ත්විණි.

නත්තල නිමි­ත්තෙන් ප්‍රධාන දේව මෙහෙය උස්වැ­ට­කෙ­යි­යාව ශාන්ත මරියා දේව­ස්ථා­න­යේදී කොළඹ අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (24) මධ්‍යම රාත්‍රි­යේදී පැවැ­ත්විණි.

සාම්ප්‍ර­දා­යි­කව පැවැ­ත්වෙන කැරොල් ගී ප්‍රසංග, ජේසු බිලි­ඳාගේ උපත සිහි­පත් කෙරෙන ගව­ලෙන් හා නත්තල් ගස් සහ විවිධ සැම­රුම් පව­ත්ව­මින් රට පුරාම කිතුනු බැති­මත්හු නත්තල සැම­රූහ.

කොළඹ නග­රය, නෙළුම් කුලුන, ගාලු­මු­ව­දොර අවට සහ කොළඹ වරාය මෙන්ම රට­පුරා නගර නත්තල් දිනය සැම­රීම වෙනු­වෙන් අලං­කාර කර තිබේ.

මෙම නත්තල් උදාව වෙනු­වෙන් ශුද්ධෝ­ත්තම 14 වැනි ලියෝ පාප්ව­හ­න්සේගේ ප්‍රධා­න­ත්ව­යෙන් ප්‍රධාන දේව මෙහෙය වති­කා­නයේ සාන්ත පීතර බැසි­ලි­කා­වේදී පැවැ­ත්විණි.

මෙවර නත්තල් රාත්‍රී දිව්‍ය පූජාවේ දේශනාව ඉදිරිපත් කරමින් XIV වන ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ, “ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලෝකයේ අන්ධකාරයට ආලෝකය ගෙන එන බවයි – තවද මිනිස් පුද්ගලයා පිළිගන්නා තැන දෙවියන් වහන්සේ ද පිළිගනු ලැබේ” යනුවෙනි.

ආගන්තුකයන්ට සහ දුප්පතුන්ට කරුණාව දක්වන ලෙසත්, අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමට සමාන බවත් පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවති සිය දේශනයේදී පැවසීය.

ශාන්ත පීතර බැසිලිකාවේ රාත්‍රියේ නත්තල් දිව්‍ය පූජාවේ මුලසුන හොබවමින්, XIV වන ලියෝ පාප් වහන්සේ, ලූක්ගේ සුවිශේෂයේ සඳහන් පරිදි, ලෝකය මවිතයට පත් කරමින් රාත්‍රී අහස ආලෝකවත් කළ අලුතින් දැල්වූ සහ ජීවයෙන් බැබළෙන ගිනි පුපුරක් වන දීප්තිමත් තාරකාව සිහිපත් කරමින් මෙහිදී සෑම පුද්ගලයෙකු තුළම දෙවියන් වහන්සේගේ පැමිණීම පෙන්නුම් කරන බව පෙන්වා දුන්නේය.

තම මුල් පාප් පදවියේ සංක්‍රමණිකයන් සහ දුප්පතුන් රැකබලා ගැනීමේ ප්‍රධාන තේමාව වශෙයන් ඉදිරිපත් කළ ලියෝ පාප් වහන්සේගේ පාප් පදවියේ ප්‍රථම නත්තල් සැමරුම මෙයයි.

දිව්‍ය පූජාවට පෙර ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටී බැතිමතුන්ට ආචාර කිරීම සඳහා පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවෙන් පිටතට පැමිණීම ද විශේෂත්වයකි.

FOX NEWS

https://www.facebook.com/reel/1091663219644339

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.