ශ්‍රීපාද වන්දනාවේදී ප්ලාස්ටික්-සිලිබෑග් තහනම්
- 2025-12-24 12:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රීපාද වන්දනා සමයේදී වන්දනාකරුවන්ට ලන්ච් ෂීට්, සිලිසිලි මලු, සැෂේ පැකට්, ලීටරයට අඩු තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බීම බෝතල් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ගෙන යෑම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම උදෙසා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය විසින් මෙම පියවර අනුගමනය කරනු ලබන බව පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා කළ යෝජනාවට අනුමැතිය ඇබී ඇත.
තහනමකට ලක් කර ඇති පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට් ආදිය), අධි ඝනත්වයෙන් යුත් පොලිඑලතීන් මඟින් නිෂ්පාදිත බහාලුම් (සිලිසිලි මලු), ප්‍රසාරිත පොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි භාවිත ආහාර බහාලුම්, තනි භාවිත බීම බට, කලතන, තනි භාවිත පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු හා පිහි මෙම ප්‍රදේශයේ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් බව ඇමැතිවරයා කියා සිටියේය.
පොලිතීන් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාර පාන, ඖෂධ හෝ අනෙකුත් බඩු භාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපයේ බැහැර කිරීම තහනම් කළ බවද ඒ මහතා කීවේය.
ශ්‍රීපාද අඩවිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත මඟින් ආවරණය වන අධිසංවේදී කලාපයක් වන අතර එම ප්‍රදේශයේ කසළ කළමනාකරණය කාලීන අවශ්‍යතාවක් පවතින බව හෙතෙම පැවසීය.

Reply To:
Name - Reply Comment
0 Comments