තාක්ෂණික ඇටවුම් බාලදක්ෂ විද්‍යාවට එකතු කරගනිමු

2024 අප්‍රේල් මස 26 ප.ව. 04:57 - {{hitsCtrl.values.hits}}  

සිඟිති බාලදක්ෂයින් ඇතුළු පෝතක බාලදක්ෂයින් හට සුදුසු මෙම ක්‍රියාකාරකම් ද්විත්වය තාක්ෂණික ඇටවුම් ආධාරයෙන් නිර්මාණය කර ඇත. මෙම ක්‍රියාකාරකම්හි නියැළීමෙන් දැනුමත්, විනෝදයත් එකවර ලබාගත හැකි බැවින් ඔබත් මෙම ක්‍රීඩාවන් ඔබේ ආකේලා සමග විවේකී දිනක දී අත්හදා බලන්න.


පළමු ක්‍රියාකාරකම
මේ සඳහා පිංපොං බෝලයක්, බීම බටයක් සහ වර්ණවත් ගම්ටේප් වර්ගයක් සොයා ගත යුතුය. ප්‍රථමයෙන් වංගු ගැසුණු මාර්ගයක් වර්ණවත් ගම්ටේප් භාවිත කර නිර්මාණය කළ යුතුය. එක හා සමාන මාර්ග දෙකක් නිර්මාණය කර ඉන්පසු තරගය ආරම්භ කළ හැකිය.
තරගය ආරම්භ කිරීම
එකවර තරගකරැවන් දෙදෙනෙකුට තරග කළ හැකිය. තරගය ආරම්භ කරන රේඛාව මත තබන පිංපොං බෝලය ධාවන පථයේ නොගැටී ඉදිරියට ගමන් කරවීමට තරගකරැවන් උත්සාහ කළ යුතුය. පිංපොං බෝලය ඉදිරියට ගමන් කරවිය යුත්තේ තරගකරැගේ මුඛයේ රඳවා ගත් බීම බටයෙන් නිකුත් කරන සුළං ධාරාව ආධාරයෙන්ය. එසේ කළ යුතු ආකාරය රෑප සටහනේ දක්වා ඇත.
දෙවැනි ක්‍රියාකාරකම
මෙම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මූලික ඇටවුම නිර්මාණය කරගැනීමේ වගකීම වෙන් වෙන්ව පෝතක බාලදක්ෂයින් වෙත පැවරිය යුතුය. (රබර් පටි කිහිපයක් සහ ප්ලාස්ටික් මෙගා බෝතලයක ඉදිරිපස කොටස ප්‍රයෝජනයට ගෙන) මූලික ඇටවුම සකස් කරගන්නා ආකාරය ඡායාරෑප දක්වා ඇත.
තරගය ඇරඹීම
මෙගා බෝතලයේ ඉදිරිපස රඳවා ගන්නා පිංපොං බෝලය තරග ආරම්භ රේඛාවේ සිට ඉදිරියට විදිය යුතුය. වැඩිම දුරක් ගමන් කරන පිංපොං බෝලය හිමි බාලදක්ෂයා තරගයෙන් ජයගනී.

දින පොත