ආදරණීය සීයා හා අත්තම්මා වෙතයි !
- 2020-10-07 15:32:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නොබිව්වද ඔබ දෙතනේ කිරි උරා ළදරැ කල
මවුට හිමි නිසි තැනට හිමි වුණා ඔබ වෙතට
උපන් දා මා මෙලොව ඔබ වෙතට ඇති හැඟුම
බුදු පුතුන් ලොව් තුරා බුදු බවට පත් විලස
මුණුපුරා, මුණුපුරා ඒ අපේ ලේ සුවඳ
මා මෙලොව දැකලු විට ඔබ සිටියෙ ඒ ළඟම
වැගුරැණිදු කඳුලු බිඳු ඔබේ දෙනෙතේ එක් කොනක
ඔබේ ලයට තුරැලු වුන විට දැනුනු හද ගැස්ම
නිතැතින්ම වැඩි වෙන්න ඇත්තෙ මගෙ ආදරය
සීයා සහ අත්තම්මා ඔබ ගැනයි ඒ වරැණා
ඔබ දෙපල පිරිමැසුව
පියතුමගේ මාපියන් නොමැති පාඩුව මෙමට
කෙළි දෙලෙන් පසු කරපු
සොඳුරැතම ළමා විය
සුන්දරයි අද මෙමට නැගෙන විට සිහි කල්පනාවට
නිදි වරපු වෙහෙස වුණු දින ගණන් වකවානු
කිසි දිනක නොහැක මට ගැන අවසන් කරනු
මවක සහ පියකු ලෙස ඔබ දෙපල ගත කරපු
කාලයට වැඩි යමක් මා වෙතම ඉටු කරපු
වාසනාවන්තයි මෙමා ලැබීමට ඔබ දෙපල
නැහැ දැනුණේ අඩුපාඩු කම්කටොලු දිවි ගමන
ළමා විය පසු කරන් පා තබන හෙට දවස
මා තවම චූටි පුතු ඔබ අතේ දැවටිච්ච
ජේ.එම්.මෙතුල් මින්දිය ජයසුන්දර,
9 වැනි ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය,
කොළඹ 10.
Reply To:
Name - Reply Comment
0 Comments