වායු දූෂණය නිසා ඇති වුණු පළමු මොළයේ පිළිකාව හඳුනා ගැනේ

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 12:02 - {{hitsCtrl.values.hits}}  

මෝටර් රථ මගින් පිටවන අහිතකර වායූ අංශු හේතුවෙන් හට ගත් මොළයේ පිළිකාවක් පිළිබඳ තොරතුරු පළමුවරට හඳුනාගැනීමට හැකි වුණු බව කැනඩාවේ මොන්ට්‍රියල් නුවර මැක්ගිල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් අනාවරණය කර සිටියි.

ඔවුන් සඳහන් කරන ආකාරයට ඩීසල් ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක මෝටර් රථවල එන්ජින් මගින් පිටකරන අල්ට්‍රා - ෆයින් පාර්ටිකල්ස් නම් ඉතාමත් කුඩා අංශු හේතුවෙන් මෙන්ම ගල් අඟුරු දැවීම හරහා පිටවන අහිතකර වායූන් නිසා මෙවැනි මොළයේ පිළිකා ඇති වීම 10෴ කින් වර්ධනය කිරීමට සමත්ව ඇත.

මෙහිදී පර්යේෂකයන් කැනඩාවේ ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල් යන නගරවල ජීවත් වන ලක්ෂ 19කට ආසන්න පුද්ගලයන් පිරිසකගේ 1991 වසරේ සිට 2016 දක්වා වූ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කර තිබේ. එසේම එම කාලසීමාවේදී දූෂිත වායුගෝලය වෙත ඔවුන්ගේ නිරාවරණය වීම පිළිබඳවත් කරුණු සටහන් කර ගෙන ඇත. පර්යේෂකයන්ට අනුව මෙම නගර දෙකෙහිදීම සෑම කියුබික් සෙන්ටිමීටරයක් තුළදීම මෙවැනි අහිතකර වායු අංශු කොටස් හෙවත් නැනෝපාර්ටිකල්ස් 6,000 සිට 97,000ක් දක්වා වූ ප්‍රමාණයක් පවතින බවට හඳුනාගෙන තිබේ.

&ඔබ යමක් පුළුස්සා හරින සෑම මොහොතකදීම මෙවැනි කුඩා ප්‍රමාණයේ අංශු කොටස් නිපදවෙනවා. මේවා ඉතාමත් කුඩාවීම නිසාම අපගේ රුධිර ප්‍රවාහයට ඇතුළු වෙලා අවසානයේදී එය මොළය දක්වා ගමන් කරනවා.* මෙම පර්යේෂණ සඳහා සම්බන්ධවූ වසංගතරෝග විශේෂඥයෙකු වන ස්කොට් වෙයිචෙන්ටල් පවසයි.

මීට පෙර සිදුකර තිබූ අධ්‍යයනයකට අනුව මෙවැනි අල්ට්‍රා - ෆයින් පාර්ටිකල්ස් මොළය වෙත ළගා වීමෙන් අනතුරුව ඒවා මගින් සිරුරේ ඇති සෑම සෛලයක්ම විනාශ කර දැමීමේ හැකියාවක් පවතින බව හඳුනාගෙන තිබුණි. එහෙත් මෙලෙස එම අල්ට්‍රා - ෆයින් පාර්ටිකල්ස් වැඩි ප්‍රමාණයක් වෙත විවර වූ පුද්ගලයෙකු තුළ මොළයේ පිළිකා තත්ත්වයක් ඇති වීමේ අවස්ථාවක් පිළිබඳව හෙළිදරව් කරගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙයයි.Pic Courtesy - Hindusthna times

දින පොත