Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


නක්ලස් වනාන්තරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්විමේ අවදානමක් මතුව ඇති බව ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය. යුනෙස්කෝව විසින් නකල්ස් වනාන්තරයේ හෙක්ටයාර් 21000ක ප්‍රමාණය පේරණ  කලාපයට ලෝක උරුමය ලෙස පිළිගැනිමට 2010 වසරේදි පෙන්වා දි ඇති අතර මෙම  කළාපය තුළ ඇති ඉඩම් කුණු කොල්ලයට විකුණා දැමිමේ ක්‍රියා පිළිවෙත නිසා මෙම තත්වය උද්ගත වි ඇති බවද ජයතිස්ස මහතා පැවසිය.

මෙවැනි ක්‍රියා හේතුවෙන් නකල්ස් රක්ෂිත වනාන්තරය රැකගැනිමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය දැඩි ලෙස පවතින බවද ජයතිස්ස මහතා පැවසිය. නකල්ස් වනාන්තරය ලෝක උරුම ලෙස පිළිගැනිමේදි වනාන්තරයේ හෙක්ටයාර් 21000 ට අමතරව පේරණ කලාපයේ හෙක්ටයාර් 14000 දහසකට ආසන්න ප්‍රමාණයක් සිතියම් ගත කර ඇති බවත් දේශපාලනඥයින් කිහිපදෙනකුගේ අවශ්‍යතාවය මත නකල්ස් රක්ෂිතයේ නොව පේරණ කලාපයට අයත් මෙම ඉඩම් කොටස් බදු දිම තුළින් විශාල පරිසර හානියක් සිදු වන බවත් මෙය වැලැක්විම සදහා පරිසර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා වහා මැදිහත් විය යුතු බවද ජයතිස්ස මහතා පැවසිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.