ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2019

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 04:59 - {{hitsCtrl.values.hits}}  

මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලාංකේය පරිසර සංරක්ෂණයේ ප්‍රමුඛ නියාමන ආයතනයයි. ජාතික පාරිසරික පනත ප්‍රකාරව පරිසර සංරක්ෂණය, කළමනාකරණය හා අභිවර්ධනය උදෙසා සංවිධාන උපව්‍යුහන් සකස් කරමින් එම උප ව්‍යුහයන්ට අදාළ උපාය මාර්ග, ඉලක්ක හා කාර්ය භාරයන් සකස් කරමින් ඒවා ඉටු කරමින් නිසි අධික්ෂණ කටයුතු සිදුකරමින් සිය පරිසර සංරක්ෂණ කාර්යභාරය ඉටු කරනු ලබයි.

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන විෂය ක්ෂේත්‍රවන්නේ, පරිසර දූෂණ පාලනය, පරිසර කළමනාකරණය හා ඇගයීම්, පරිසර අධ්‍යාපනය හා ප්‍රවර්ධනයයි. කසළ කළමනාකරණය උදෙසා ද සිය තාක්ෂණික සහය සපයනු ලබයි. ජාතික පාරිසරික පනත ප්‍රකාරව සංවර්ධන ව්‍යාපෘති සඳහා පරිසර බලපෑම් ඇගයීම් සිදුකිරීම, අවශ්‍ය අවස්ථාවල උපාය මාර්ගික පාරිසරික බලපෑම් ඇගයීම් සිදුකිරීම, පරිසර දුෂණ පාලනය සඳහා බලපත්‍ර ක්‍රියාවලිය මෙහෙයවීම හා අධික්ෂණය සිදුකිරිම, නියාමන කාර්යයන් සඳහා සුදුසු නිර්දේශ සැපයීම ද සිදුකරයි. ‍පොදු ජනතාවගේ පාරිසරික උද්‍යෝගය වඩවාලීම සඳහා පාසල් දරුවන් ඇතුළුව විවිධ ඉලක්ක කණ්ඩායම් සඳහා අධ්‍යාපන වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීම හා පරිසර ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ද මෙම අධිකාරියේ ප්‍රධාන කාර්යයක් වේ.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකරනු ලබන නියාමන ක්‍රියාවලියට අදාළව සමාජ පසුබිම සකස් කිරීම සඳහා පදනම් කාර්යයක් ලෙසත්, පරිසර සංරක්ෂණය සඳහා පුළුල් ලෙස මහජන සහභාගීත්වය ගොඩනැංවීමටත්, සිවිල් සමාජ උද්‍යෝගය ඇති කිරිම උදෙසාත්, පාරිසරික ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස 2011 වසරේ සිට මෙම ජනාධිපති පරිසර සම්මාන උළෙල සංවිධානය කරනු ලැබේ.

 

 

A. කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය

  • රසායනික නිෂ්පාදන කර්මාන්ත
  • ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත
  • රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත
  • නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත
  • ආරෝග්‍ය ශාලා
  • ඖෂධ නිෂ්පාදන හා රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත
  • රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත
  • තේ කර්මාන්ත ශාලා
  • වාහන සේවා ස්ථාන
  • සත්ව ගොවිපළවල්
  • හෝටල්

 

  • අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ කර්මාන්ත
  • පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති
  • පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති

(කුඩා පරිමාණ ජල විදුලි බල ව්‍යාපෘති, සූර්ය විදුලිබල ව්‍යාපෘති, සුළං බල විදුලි උත්පාදන ව්‍යාපෘති )

  •  

 

 

පොදු ජනතාව තුළ පරිසර සංරක්ෂණ උද්‍යෝගය වඩවාලීම මෙන්ම ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී කර්මාන්ත හා ව්‍යාපාර සංස්කෘතියක් ඇති කිරීම උදෙසා, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, කර්මාන්ත ව්‍යාපාර, වෘත්තීය ආයතන හා පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ විශිෂ්ට පාරිසරික සේවාවන් ඇගයීම සඳහා මෙම ජනාධිපති සම්මාන උළෙල සංවිධානය කෙරේ. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව, “නීල හරිත යුගයක්’” යන තේමාව යටතේ, සම්මාන උළෙල හැඩගස්වමින් මෙවර ප්‍රධාන අංශ 2ක් හා විෂය ක්ෂේත්‍ර 20ක් යටතේ අයදුම්පත් කැඳවමින් සම්මාන උළෙලේ සහභාගීත්වය ගොඩනගා ඇත. එම ක්ෂේත්‍ර මෙසේය.

 

 

 

 

 

 

 

 

-02-

 

  1. සමාජ සංස්කෘතික හා ආයතන අංශය

 

  • පරිසර සංරක්ෂණය සඳහා විශිෂ්ට දායකත්වය ලබාදී ඇති පුද්ගලයන්
  • පරිසර හිතකාමී රාජ්‍ය ආයතන
  • පරිසර හිතකාමී පෞද්ගලික ආයතන
  • පරිසර සංරක්ෂණ හා ප්‍රවර්ධන කාර්යන්හි කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන
  • පාසල් (1AB,1C,Type 2,Type 3)
  • ජනමාධ්‍ය අංශය
  • ගවේෂණාත්මක පාරිසරික වාර්තාකරණය - මුද්‍රිත මාධ්‍ය

(සිංහල, දෙමළ, ඉංග්‍රිසී)

  • ගවේෂණාත්මක පාරිසරික වැඩසටහන් නිෂ්පාදනය - ගුවන්

විදුලි මාධ්‍ය (සිංහල, දෙමළ, ඉංග්‍රිසී)

  • ගවේෂණාත්මක පාරිසරික වැඩසටහන් නිෂ්පාදනය - 

රූපවාහිනී මාධ්‍ය (සිංහල, දෙමළ, ඉංග්‍රිසී)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඒ ඒ විෂය ක්ෂේත්‍ර සඳහා ප්‍රවීන විද්වත් විනිශ්චය මණ්ඩල යොදා ගනිමින් ඇගයීම් ක්‍රියාවලිය සිදුකරමින් ඉල්ලුම්පත් සියගණනක් අතුරින් ජනාධිපති සම්මානලාභීන් 99 දෙනෙකු මෙවර තෝරාගෙන ඇත. එම සම්මාන ව්‍යුහගත වන ආකාරය වන්නේ, ජනාධිපති සම්මාන, රන්, රීදී, ලෝකඩ හා කුසලතා සම්මාන වශයෙනි. ජනාධිපති සම්මාන උළෙල අභිමානවත් හා උත්කර්ෂවත් අන්දමින් 2019/10/29 අගහරුවාදා දින පෙරවරු 10.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් මාන්නප්පෙරුම මැතිතුමන්, සෙසු අමාත්‍යවරුන්, නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙම ජනාධිපති පරිසර සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කලේ, මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමුඛ කාර්යභාරය මෙන්ම ප්‍රමුඛතාව පරිසර සංරක්ෂණය බවත්, ඊට අදාළ සමෝධානික වැඩසටහනක් ලෙස ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන් හැඳින්විය හැකි බවත්ය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේ, වත්මන් යුගයේ අවශ්‍යතාව තිරසර සංවර්ධනය ඔස්සේ නීල හරිත යුගයක් ගොඩනැගිම බවත්, ඒ සඳහා පරිසර සංරක්ෂණය දිරිගන්වන ප්‍රවර්ධනාත්මක මෙන්ම ප්‍රසාංගික වැඩසටහනක් ලෙස ජනාධිපති පරිසර සම්මාන උළෙල හැඳින්විය හැකි බවත්ය.

            පරිසර ප්‍රවර්ධන අංශය - මධ්‍යම පරිසර අධිකාරිය - 2873449

දින පොත