රක්‍ෂිත භූමි 65ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම්කරයි

2024 අප්‍රේල් මස 26 ප.ව. 04:03 - {{hitsCtrl.values.hits}}  

කඩොලාන වනාන්තර ඇතුලුව මේ රටේ මෙතෙක් අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම්කිරීමේ ගැසට් පත්‍ර 65කට හබරණ, ගල්ඔය රක්‍ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයක දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.

මහවැලි හා පරිසර අමාත්‍යංශය සහ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මකකර ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ලංකා බැංකුවේ 80 වෙනි සංවත්සරය නිමිත්තෙන් දියත්කරනු ලබන හරිත අරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවට සහභාගි විය.

වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් පොලොන්නරුව හබරණ අඩවියේ පිහිටි හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට යාබදව අක්කර 250ක භූමියක පැල 80,000ක් සිටුවීමට මේ වැඩසටහන යටතේ සැලසුම් කරඇත.

මේ අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම, වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩබ්ලිව්.ඒ.පී. වේරගොඩ, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඞ්.සී පෙරේරා, පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

දින පොත