කියවීම හා මිනිසා
- 2019-12-31 20:33:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන පැරණි කියමන අප මතකයට ගෙනෙන්නේ පොතක්, පත්තරයක් ගෙන හාන්සි පුටුවට වී උපැස් යුගලින් අකුරැ මත ගැවසෙන පාඨකයෙක් මිස තම සිහින් පෑන් තුඩින් තමාගේ අත්දැකීම් හා දැනුම ක්‍රමානුකූලව පෙළගසන ගත්කරැවකු නොවේ. නමුත් මදකට ඔබ සිතුවාද ඒ පරිපූර්ණ වූ පාඨකයා කියවන්නට යොදාගත් එම ග්‍රන්ථයේ රචකයා පිළිබඳව.
පාඨකයාට සුවිසල් දැනුමක් ලබාදුන් එම රචකයාට ඇති දැනුම ගැන ඔබ සිතුවාද ?
අප ස්වයං චරිතාපදානයක් කියවා ලබාගන්නා අත්දැකීම් අප දිවියට කොතෙක් ප්‍රයෝජනවත් වේද, නමුත් එම අත්දැකීම විඳි පුද්ගලයාට ඇති සමාජ වැටහීම පාඨකයන් වන ඔබට සිතීමටවත් නොහැක.
“කියවීම මිනිසා සම්පූර්ණ කරයි* නමුත් “ලිවීම පූර්ණ මිනිසා තහවුරැ කරයි* ....
අතීතයේ සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා, කුමාරතුංග මුනිදාස මහතා යන විද්වතුන් ඔවුන්ගේ දැනුම ලිවීම මගින් හුවමාරැ කරගත්හ.තමා ලියන දෙය සත්‍ය බව තහවුරැ කළේය.
ඔවුන් යමක් ලියා තැබූ නිසා අද අපට කියවීමට යමක් ඇත. නමුත් අද අප කිසිවක් නොලියා කියවමින් සිටිය හොත් අපගේ අනාගත පරපුරට කියවීමට යමක් ඉතිරි වේද ?
එම නිසා කියවීම හා ලිවීම ද තම දිවියේ කොටස් කරගන්න.
ලිමාෂ ආකාශ්
8 වැනි ශ්‍රේණිය,
ක්ලේටන් විද්‍යාලය, හේන්පිටගෙදර.
Reply To:
Name - Reply Comment
0 Comments