සාමයෙන් සමගියෙන් ජීවත් වෙමු

2024 අප්‍රේල් මස 26 ප.ව. 01:59 - {{hitsCtrl.values.hits}}  

එකිනෙකා අතර හොඳ හිත පවත්වගෙන යා හැකිනම් එකිනෙකාට උදව් උපකාර කරගනිමින් සහයෝගයෙන් ජීවත් වේ නම් රටේ සාමය සමගිය වඩාත් පැතිරී පවතී. අප සැම දෙනාම ජීවත් වන්නේ පුළුල් සමාජ තලයක ය. එහිදී අපට උදවු උපකාර කොයි මොහොතේ කාගෙන් කෙසේ ලබා ගැනීමට සිදු විය හැකි දැයි කිව නොහැකි ය. ඒ නිසා අසල්වැසියන් නෑදෑයන් හිතමිතුරන් ඇසුරැ කිරීම හදිසි අවස්ථාවකට පමණක් සීමා කිරීම නොවටී, එවිට අප ආත්මාර්ථකාමීන් වනු ඇත.
මූලිකව නිවස තුළ සාමකාමීව ජීවත්විය හැකි නම් ඔහු සමාජය තුළ සාමයෙන් සමගියෙන් කා සමගත් කතා බහ කිරීමට උදවු කිරීමට පුරැදු වේ. සමහර පුද්ගලයන් ගෙදර සාමයෙන් සිටින අතර සමාජයේ දී කලහකාරි කරදරකාරි පුද්ගලයෝ වෙති. ඒත් සමාජය විවිධයි. එහිදී අප ඉතා පරෙස්සමෙන් ජාති කුලමල භේද,  ආගම් භේද ගැන නොසිතා එකාවන්ව ක්‍රියා කළ යුතුයි.
ඒ නිසා අපි සාමය සමගිය අගය කරන ජනතාවක් වීමට කුඩාකාලයේ පටන් ම පුරැදු වෙමු. 

ඉරැෂි දෙව්මිණි
7 ශ්‍රේණිය,
ක/ආරියවංශ මහා විද්‍යාලය, බේරැවල.

 

දින පොත