සොබාදහම සුරකිමු

2024 අප්‍රේල් මස 26 ප.ව. 04:48 - {{hitsCtrl.values.hits}}  

 සොබාදහම යනු අප අවට ඇති පරිසරය යි.  අපගේ ජීවය රුඳී ඇත්තේ ද  සොබාදහම මත ය. ගංගා,වෘක්ෂලතා, ඇළ දොළ, සතා සිවුපාවුන් මෙන් ම අප ද සොබාදහමේ එක් අංගයක් ලෙස සලකමු. වෘක්ෂලතාවන්ගෙන් වාතය ද ඇළදොළ ගංගාවලින් ජලය ද අපහට ලැබේ. කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන අපද්‍රව්‍ය කානු මගින් ජලාශ සහ ගංගාවලට එක්වෙන අතර ම කැලෑ එළිපෙහෙළි කිරිමට ද මිනිසා පෙලඹේ. එම නිසා අපට පිරිසුදු වාතය හා ජලය ආහාර, ඖෂධ ද හිඟ වීමට ඉඩ තිබේ. 
අපි සොබාදහමේ කොටසක් වන සතා සිවුපාවුන් සුරකිමු.විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ජලය අපවිත්‍ර නොකරමු. සොබාදහම සුරකිමු.

ගිම්හානි දසුනිකා
6 ශ්‍රේණිය,
යහපත් එඬේරාණන්ගේ කන්‍යාරාමය, කොටහේන,
කොළඹ 15.

දින පොත