චීනයේ දිනක පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව මිලියන 3 ඉක්මවයි
- 2020-06-29 23:26:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනය දැනට දිනකට COVID-19 සඳහා කරන පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව මිලියන 3.78 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය මාර්තු මාසයේ සිට සියයට 200 ක වැඩිවීමක් බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂම පවසයි.
චීනය මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 90 ක් ඉක්මවා සිදුකර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ (NHC) නිලධාරියෙකු වන ගුඹ් යැංහෝංග් පැවසීය.
පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන මධ්‍යස්ථාන සංඛ්‍යාව මාර්තු මස මුලදී 2,081 සිට වර්තමාන 4,804 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 131ක වර්ධනයකි.
පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා චීනය තුළ පුහුණුව ලැබූ නිලධාරීන්ගේ සංඛ්‍යාව 360000 ඉක්මවා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments