වෙරළ සුරැකීමට වැටකෙයියා හා කඩොලාන පැළ 5500ක් සිටුවයි
- 2019-03-28 15:26:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මන්නාරම සිට තංගල්ල දක්වා මුහුදු වෙරළ ආශ්‍රිතව ස්ථාන 10කදී කඩොලාන පැළ 1,000ක් සහ වැටකෙයියා පැළ 4,500ක්සහ කඩොලාන පැළ 1,000ක් මේ මස තුළ සිටුවීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම හා ජෛව සංරක්‍ෂණ සංගමය කටයුතු යොදා තිබේ.
වෙරළ ඛාදනය අඩු කිරීම, කලපු සංරක්‍ෂණ පද්ධතිය සංරක්‍ෂණය මෙන්ම ගෝලීය උෂ්ණත්වය අඩු කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සිදු කරනු ලැබේ.
මේපිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ජෛව සංරක්‍ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා,
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් ආයතනයේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. වැටකෙයියා මගින් වෙරළ ඛාදනය අවම කරගත හැකියි. කඩොලාන මගින් කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම සිදු කරනවා වගේම එමගින් වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමක් සිදු වෙනවා.
එසේම කඩොලාන ආශ්‍රිත ඉස්සන් වැනි සතුන් බෝවීම වඩා පහසුවෙන් සිදුවන නිසා ධීවර කර්මාන්තයටද එය ඉතා යෝග්‍ය වෙනවා. ඒ අනුව වෙරළ ඛාදනය අඩු කර ගැනීමට, කලපු සංරක්‍ෂණය වගේම ගෝලීය උෂ්ණත්වය අඩුකර ගැනීමටද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද වැදගත්මේ සහා පාසල් ළමයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමත් ඉතා වැදගත් දෙයක් යනුවෙන් සඳහන් කර සිටියේය.(WMDBJM)
Reply To:
Name - Reply Comment
0 Comments