ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1448 දක්වා ඉහළට

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 09:47 - {{hitsCtrl.values.hits}}  

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1448 ඉක්මවා තිබේ.

වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල රුපියල් 135,044.53 ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.  අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන හා සැපයුම්) කේ.බී. එගොඩවෙලේ මහතා වෙත භාරදෙනු ලැබීය.

අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රුපියල් 34,865.95ක්, බේරුවල නගර සභාව රුපියල් 131,200ක්, එච්.ඒ. ආරියදාස මහතා රුපියල් 25,447.96ක්, ජනාධිපති කොමිසමේ සභාපති වයි.ටී. චිත්‍රසිරි මහතා රුපියල් 81,315ක් සහ නිසිනි මොවින්යා ගුරුගේ දියණිය රුපියල් 5,000ක් අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී ඇත.

දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,448,833,919.15 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

දින පොත