දකුණු කොරියාවේ කෝවිඩ් ආසාදිතයන්ගේ ගණන 4000 ඉක්මවයි

2024 අප්‍රේල් මස 26 ප.ව. 03:59 - {{hitsCtrl.values.hits}}  

චීනයෙන් පිටත වැඩිම කෝවිඩ් 19 රෝගීන් ප්‍රණයක් වාර්තා වන රට වන දකුණු කොරියාව තුළ ඉරිදා දිනය අවසන්වන විට ‍කෝවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව 4000ක් ඉක්මවා තිබේ.

ඉරිදා දිනයේදී නව රෝගීන් 500කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එදින ජීවතක්ෂයට පත්ව ඇති රෝගීන් ගණන හතරකි.

මේ වන විට දකුණු කොරියාවේ මරණ 22ක් වාර්තා වෙයි.

චීනයේ පිටත වැඩිම කෝවිඩ් ආසාදිතයන් වාර්තා වන රටවල්

දකුණු කොරියාව 4212

ඉතාලිය 1694

ඉරානය 978

ජපානය 961

ප්‍රංශය 130

ජර්මනිය 129

දින පොත