බස්නාහිරට ඇඳරි නීතිය දැම්මත් උපෙළට බාධාවක් නෑ

2024 මැයි මස 02 පෙ.ව. 03:28 - {{hitsCtrl.values.hits}}  

රට තුළ දැනට පවත්නා වාතාවරණය හමුවේ, සෞඛ්‍ය ආරක්ෂණ හේතු මත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ විභාග කටයුතු සඳහා එම තත්ත්වය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.

සියලු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් දරුවන්ගේ විභාග කටයුතු අවසන් වන තෙක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් විභාගයට පෙනී සිටින්නට උපරිම සහාය ලබාදෙන බවත්, විභාග කටයුතු සඳහා යොදා ඇති  ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තුමේනතුවත් ප්‍රවාහන කටයුතු බධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට එකග වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

දින පොත