පො‍‍සොන් සඳක්

2024 අප්‍රේල් මස 26 ප.ව. 10:35 - {{hitsCtrl.values.hits}}  

පො‍‍සොන් සඳක්
---------------------------------
පොසොන් සඳක් නැගී දිලේ
ගුවන් තලාවේ
දහම් සුවඳ පැතිරී යයි
මහින්තලාවේ

තිස්ස තිස්ස නවතිනු
ඔබ යන මග වැරදියි
සවන වැටුණු ඒ හඬ
කිංකිණි නද පරදයි

පො‍‍සොන් සඳක් නැගී දිලෙයි
ගුවන් තලාවේ
දහම් සුවඳ පැතිරී යයි
මහින්තලාවේ
මිහිඳු සමිඳු හඬ ඇසිලා

රජු නවතින්නේ
අඹ වනයේදි බණ අහලා
රජු පැහැදෙන්නේ

--------------------------
පි. ඒ. ඩි. ඉමල්ෂි අකර්ශා විජයසිංහ
10 ශ්‍රේණිය,
ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය
රත්නපුර

දින පොත