වරදක අරුම

2024 අප්‍රේල් මස 26 ප.ව. 04:51 - {{hitsCtrl.values.hits}}  

පුංචි වරදක් දුරට වැඩිලා
සහෝදරියගෙ මම එදා
සිතත් රිදවා රන්ඩුවක වුණ
ගෘප් යාළුවො බිද දමා
මම කරපු ඒ වරද වැරදියි
මගේ ගොංකමෙ උස තමා
නැවත ඇඩ් කර
එකතු වෙනු මැන
අනේ මගෙ සිත නොරිදවා
නොසිත කරනා වරද මහතයි
මෙමට හොද හැටි වැටහුණා
වැඩිහිටියනි සමා දෙනු මැන
තවම ළමයෙකු බව සිතා

කේ.වී.ඒ.යූ.සෙත්මිණි
10 ශ්‍රේණිය
ඪී.එස්.සේනානායක මැදි විදුහල
මීරිගම

දින පොත