2025 ජුලි මස 02 පෙ.ව. 10:44 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ දක්ෂතම පාසල් චෙස් ක්‍රීඩකයා ලෙස චෙස් ෆිඩේ මාස්ටර් හා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එම්.සසිත් නිපුන් පියුමන්ත ද, දක්ෂතම පාසල් චෙස් ක්‍රීඩිකාව ලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ චමෝද්‍යා යාපා බණ්ඩාර ද සම්මාන දිනාගත්හ.
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට කුරැණෑගල වෙලගෙදර මධ්‍ය විද්‍යාලයේ පැවති මේ කණ්ඩායම් චෙස් තරගාවලියේ දී සසිත් හා චමෝද්‍යා තමන් මුහුණ දුන් තරග වට හයම ජයගෙන තමන් ක්‍රීඩා කළ පුවරැවේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස ද සම්මාන ලබා අවසානයේ දී ඔවුන් දෙදෙනා තරගාවලියේම දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්හ.
මේ සම්මාන දිනාගත් සසිත්ට හා චමෝද්‍යාට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මුදල් ත්‍යාග ද පිරිනැමිණ.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
![]() |
diary Read more... |