කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයට ක්‍රිකට් සම්මාන පහක්

2024 අප්‍රේල් මස 26 ප.ව. 10:11 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් මහා සම්මාන උලෙළ වන ඩයලොග් 4G - සන්ටේ ටයිම්ස් පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේදී කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් සම්මාන පහක් දිනා ගත්හ. 
දෙවන පෙළ පාසල් ක්‍රිකට් අංශය යටතේ මේ සම්මාන උලෙළේ දී තරග 15 කදී ලකුණු 1293 ක් හා කඩුලු 90 ක් ලබාගත් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේ සමිත් ඉසුරැ වසරේ නැගී එන ක්‍රීඩකයාට සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයම දිනා ගත්තේය.
එමෙන්ම එම අංශයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේම රවිඳු මධුසංඛ විසින් ද දක්ෂතම පන්දු රකින්නාට හිමි සම්මානය එම විදුහලේම ඉෂාර මධුවන්ත විසින් ද දක්ෂතම කඩුලු රකින්නාට හිමි සම්මානය එම විද්‍යාලයේම ජනෙත් කෞෂාල් විසින් ද දිනා ගන්නා ලදී.
ලංකා ප්‍රධානතම පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේ දී එකවර සම්මාන පහක් දකුණු ලකේ පාසලක් විසින් දිනාගත් පළමු හා එකම අවස්ථාව මෙය වේ.
හෙළ මහා පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේ දී කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයට සම්මාන පහක් දිනා දුන් සමිත් ඉසුරැ, ජනෙත් කෞෂල්‍ය, රවිදු මධුසංඛ, ඉෂාර මධුවන්ත යන ක්‍රිකට් ක්‍රීඩකයින් විදුහල්පති ශාන්ත ආරියරත්න මහතා ඇතුළු ක්‍රිකට් භාර ආචාර්යවරැන්, ක්‍රිකට් පුහුණුකරැවන් සමග ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැයි මේ.
(කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත)

දින පොත