ගාල්ල මහින්ද විද්‍යාලයට පාපන්දු ශූරතාවක්

2024 මැයි මස 02 පෙ.ව. 03:05 - {{hitsCtrl.values.hits}}  

දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ 20න් පහළ පාපන්දු ශූරතාව දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් වී ඇත. බද්දේගම නව ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගාවලියට දකුණු පළාතේ පාසල් 27 ක පාපන්දු කණ්ඩායම් සහභාගී වුහ. මෙහි දී අවසාන තරගය ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලය සමඟින් පැවැති අතර එහි දී ගීත් ජයසේකර ගේ නායකත්වයෙන් යුත් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම 1-0 ලෙස ඇලවීසියස් විද්‍යාලය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
 මෙහි අනුශූරතාව ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයට හිමි වූ අතර තෙවැනි ස්ථානය මාදම්පාගම මහා විද්‍යාලය විසින් හිමිකර ගන්නා ලදී. ගාල්ල මහින්ද විද්‍යාලයීය කණ්ඩායම විද්‍යාලයීය විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගේ පූර්ණ අනුදැනුම මත භාර අාචාර්ය එස්. සූරියආරච්චි මහතා සහ පුහුණුකරැ කේ.එම්.ඒ නිශාන්ත යන අයගේ ගුරැහරැකම් මැද මෙම තරගයට සහභාගී විය. 
ඡායාරෑපයෙන් දැක්වෙන්නේ ශූරතාව දිනා ගත් මහින්ද විද්‍යාලයීය කණ්ඩායමයි.


(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)

දින පොත