පිළියන්දල මීගමුව දකුණු ජාත්‍යන්තර පාසලේ සොනාදීට තවත් කුසලාන දෙකක්

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 10:10 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යන්තර ෂෝටෝකාන් කරාටේ දෝ සංවිධානය මෙහෙය වු කරාතේ තරගාවලියෙන් මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල් ජාලයේ පිළියන්දල ශාඛාවේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරැදු 12 ක් වන සොනාදී  තරැල්යා සඳුත්මී විතානගේ වයස අවුරැදු 13 න් පහළ ජාතික හා ජාත්‍යන්තර කළු පටි ඒ ශ්‍රේණියේ කතා සහ කුමිතේ යන තරග ඉසව් දෙකෙන්ම පළමු ස්ථාන දිනා ගනිමින් කුසලාන හා සහතිකපත් හිමිකර ගත්තාය.
පාසලේ කරාතේ ක්‍රීඩා පුහුණුකරැ වන ජපන් කරාතේ ෂෝටෝකාත් දෝ තෝරෝකායි ශ්‍රී ලංකා මූලස්ථානයේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ ජේ.කේ.ටී.ජපන් සභාපති සහ ප්‍රධාන උපදේශක සෙහාන් එස්.සී.හේරත් මහතා යටතේ සොනාදී කරාතේ  පුහුණුව ලබයි.
ඇය විසින් පසුගිය වසර 05 ක පමණ කාලය තුළ ජාතික හා ජාත්‍යන්තර කරාතේ ක්‍රීඩා තරග 60 කට පමණ ඉදිරිපත් වී ඒ සෑම තරගයකින්ම අපරාජිතව රන් රිදී පදක්කම් සහ කුසලාන සහතික පත් ලබා දැනට ජාතික සහ ජාත්‍යන්තර කළු පටි ඒ ශ්‍රේණියේ සිටින්නීය.

දින පොත