මයිලෝ කුසලාන වයස අවුරැදු 12 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය -බාලක ශූරතාව - කින්යා අල් අක්සා මහ

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 09:01 - {{hitsCtrl.values.hits}}  

  අධ්‍යාපන අමාත්‍යාංශයේ  හා පාසල් පාපන්දු සංගමයේ   අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා  ශ්‍රී ලංකා නෙස්ලේ ආයතනය  සංවිධානය කළ මයිලෝ කුසලාන වයස අවුරැදු 12 න් පහළ අන්තර් පාසල්  පාපන්දු තරගාවලිය බදුල්ල   වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. තරගාවලියේ බාලක ශූරතාව කින්යා අල් අක්සා මහ විදුහලට හිමි වූ අතර බාලිකා ශූරතාව කුරැණෑගල කවිසිගමුව මධ්‍ය මහා විදුහලට හිමිවිය.
දින දෙකක් තිස්සේ පැවති තරගාවලියට බාලක කණ්ඩායම් 800 හා බාලිකා කණ්ඩායම්  250 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12000 ක්    පමණ සහභාගි වූහ.
 අවසන් බාලක  පූර්ව තරග සඳහා කින්යා  අල් අක්සා මහා   විදුහල  ,යාපනය  ශාන්ත ජෝන් විදුහල, යාපනයේ ශාන්ත හෙන්රික් විදුහල , මඩකලපු සඳුලියා මහා විදුහල තරග වැදුණු අතර    බාලිකා අවසන් පූර්ව තරග සඳහා මීගමුව විද්‍යාලංකාර විදුහල, පස්සර මහ විදුහල කුරැණෑගල කවිසිගමුව මධ්‍ය මහ විදුහල හා කෑගල්ල පල්ලේකණුගල මහා විදුහල තරග වැදිණි.
 තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර අධ්‍යාපන   අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරල් මංජුල කාරියවසම්  හා  නෙස්ලේ    ලංකා ආයතනයේ කළමනාකාර සජීව වික්‍රමසිංහ යන මහත්වරැද එම අවස්ථාවට එක්වූහ.
  තරගාවලියෙන් පසුව දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්සිය දෙනෙකු විශේෂ පුහුණු කඳවුරකට යොමු කරවනු ලබන අතර    එම පුහුණු කඳවුරේදී වූ විශිෂ්ට දක්ෂතා දක්වන දරැවන් හයදෙනෙකු ප්‍රසිද්ධ බාර්සිලෝනා පාපන්දු සමාජීය  ඇකඩමියේ විශේෂ   පුහුණුවක් ලැබීම සඳහා යොමු කිරීමට නියමිතය.  අවසන්  තරගාවලියේ හා ජය සංකේත ප්‍රදානයේ අවස්ථා කීපයක්.


(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)

දින පොත