දියමන්ති ග‍්‍රහයෙක් හමුවෙලා

2021 මාර්තු මස 03 ප.ව. 06:04 - {{hitsCtrl.values.hits}}  

අහසේ දියමන්තියක් සේ දිදුලන විද්‍යාඥයන්ට හමුවී ඇති නව ග‍්‍රහ ලොවක් නම් කර ඇත්තේ ‘55 කැන්කි‍්‍ර ඊ’  කියායි. එහි ඇති ග‍්‍රහ ලොව මතුපිට වටිනා මැණික්වලින් පිරී ඇතැයි විද්‍යාඥයන් කියනවා. එහි විෂ්කම්භය පෘථිවියෙහි මෙන් දෙගුණයක් වන අතර බර පෘථිවිය මෙන් අට ගුණයක් වෙතැයි සඳහන්. අපේ පොළොව ජලය හා ග්‍රැනයිට් පාෂාණවලින් වැසී ඇතුවා සේ මේ නව ග‍්‍රහ ලෝකය වසා ඇත්තේ දියමන්ති හා මිනිරන්වලින් යැයි විශ්වාස කෙරෙනවා.

තාරකා සිතියම

ග‍්‍රහලොව අයත් තරුව ඔබටත් පියවි ඇසින් දැක ගන්න පුළුවන්. දෙනෙතියකින් හෝ කුඩා දුරදක්නයකින් හෝ වඩාත් පහසුවෙන් දැක ගත හැකියි. තාරකා විද්‍යාඥයන් සූර්යයා වැනි තරුවක් වටා භ‍්‍රමණය වන ග‍්‍රහ ලොවක් වැඩිපුර දියමන්තිවලින් සමන්විත යැයි නිර්ණය කළ පළමු වැනි වතාව මෙයයි. එවැනි ග‍්‍රහයකුගේ රසායනික සංයුතිය හෙළිදරවු කර ගත් පළමු අවස්ථාව ලෙස මෙය සැලකිය හැකියි. ”පෘථිවියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනත් රසායනික සංයුතියක් ඇති පාෂාණමය ලෝකයක් අපටත් දැක ගන්න ලැබුණු පළමුවැනි වතාවයි, මේ.” මේ පිළිබඳව පර්යේෂණය කළ පිරිසේ ප‍්‍රධානියා වූ නික්කු මධුසුධාන් කියනවා.”අපේ පොළොව ජලයෙන් හා ග්රැුනයිට්වලින් වසා ගෙන ඇතිවාක් මෙන් මේ ග‍්‍රහ ලොව මතුපිට ආවරණය වී ඇත්තේ මිනිරන් හා දියමන්තිවලින්” කියලයි, විද්‍යාඥයන් කියන්නෙ.

සූර්යයෙක්

මේ දියමන්ති ග‍්‍රහ ලොව එයට අයත් සූර්යයාගේ කක්ෂයක භ‍්‍රමණය වන්නේ ඉතාමත් වේගයෙන්. එය වරක් ඊට අයත් සූර්යයා වටා  යාමට ගත් වන්නේ පැය 18ක් පමණයි. අපේ පෘථිවි ග‍්‍රහයාට ඒ වගේ වටයක් අපේ සූර්යයා වටා යාමට දින 365ක් ගත වෙනවා. ඒ ග‍්‍රහයාගේ උෂ්ණත්වය කොතරම් අධිකද කීවොත් එය ෆැරන්හයිට් 3,900ක් පමණ වෙනවා. පර්යේෂකයන් කියන්නේ එහි ජීවය තිබිය නොහැකියි කියායි.

තවත් ග‍්‍රහයෝ 4 ක්

මේ දියමන්ති ග‍්‍රහයා සමග තවත් ග‍්‍රහයන් හතරක් ඒ ‘55 කැන්කී‍්‍ර’ නම් හිරු වටා භ‍්‍රමණය වෙනවා. මේ දියමන්ති ග‍්‍රහයා ‘55 කැන්කි‍්‍ර ඊ’ කියා නම් කර ඇත්තේ ඒ නිසයි. මේ ග‍්‍රහයා මුල්වරට නිරීක්ෂණය කරන ලද්දේ පසුගිය වසරේදියි. තාරකා විද්‍යාඥයන්ට එහි අරය හෙවත් අර්ධ විශ්කම්භය නිර්ණය කළ හැකි වූයේ ඉන් පසුවයි. මධුසුධාන් ඇතුළු පර්යේෂකයන්ට එහි රසායනික සංයුතිය ගැන නිගමනවලට එන්නට මේ අලුත් තොරතුරු උදවු වුණා.  පර්යේෂකයන් හෙළිදරවු කර ගත්තා මේ ග‍්‍රහයා තුළ ජලය කොහෙත්ම නැති බව. එය ප‍්‍රධාන වශයෙන් කාබන් (මිනිරන් හා දියමන්ති වශයෙන්) යකඩ, සිලිකන් කාබයිඞ් ආදියෙන් හා සමහර විට ඇතැම් සිලකේට් වර්ගවලින් සෑදී ඇතැයි ඔවුන් නිගමනය කළා.001 article-2030138-0D84C01600000578-266_636x419 article-2030138-0D9225D700000578-183_636x525

ස්පර්ගල් කියන දේ

”අපේ පොළොවේ ඇතුළත ඔක්සිජන්වලින් පොහොසත්. ඒත් කාබන් ඇත්තේ ඉතාමත් අඩුවෙන්. එහි ප‍්‍රමාණය දහසකින් එකකටත් අඩුයි.” මේ පර්යේෂණයේ අනෙක් සහකරු වූ  යේල් විශ්ව විද්‍යාලයයේ  භූ විද්‍යාඥ කැනානි කියනවා. පි‍්‍රන්ස්ටන් විශ්ව විද්‍යාලයයේ තාරකා විද්‍යා මහාචාර්ය හා තාරකා භෞතික විද්‍යා අංශයේ ප‍්‍රධානියා වූ ඬේවිඞ් ස්පර්ගල් කියන්නේ, ”දියමන්ති පිරි සුපිරි ග‍්‍රහයෙක් සොයා ගැනීම අතිශයින් වැදගත් පියවරක්. අප අවට ඇති තරු වටා භ‍්‍රමණය වන තවත් ග‍්‍රහ ලෝක සොයා ගැනීමට අපව පොලඹවන දෙයක්.” කියායි. මේ පිළිබඳ විස්තර ඉදිරියේදී අන්තර්ජාතික තාරකා භෞතික විද්‍යා සඟරාවෙහි ළඟදීම පළ වීමට නියමිතයි.

ලුසිත ජයමාන්න            

ඬේලිමේල් ඇසුරිනි

දින පොත