Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සෞරග්‍රහ මණ්ඩලයේ ඈතින් පිහිටි යුරේනස් සහ නෙප්චූන් ග්‍රහලෝක  "අයිස් යෝධයෝ" (Ice Giants) ලෙස හැඳින්වුවද මෙම වර්ගීකරණයට සූරිච් විශ්ව විද්‍යාලය මගින්  නව අධ්‍යයනයක් සිදුකර තිබේ. මෙම ග්‍රහලෝක දෙකේ අයිස්වලට වඩා සැලකිය යුතු තරම් පාෂාණ (Rock) ප්‍රමාණයක් අඩංගු විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙම ග්‍රහලෝක පිළිබඳ අපගේ දැනුම පදනම් වී ඇත්තේ 1980 දශකයේ වොයේජර් 2 යානයෙන් පසු සෘජු නිරීක්ෂණ නොමැති බැවින් ඒවායේ ස්කන්ධය සහ ඝනත්වය මත පදනම් වූ පරිගණක ආකෘති මත පමණි. නව අධ්‍යනය සඳහා පර්යේෂකයන් ග්‍රහලෝක ප්‍රධාන වශයෙන් අයිස්වලින් සමන්විත යැයි උපකල්පනය කරනවා වෙනුවට පාෂාණ, ජලය සහ අනෙකුත් ද්‍රව්‍ය විවිධ අනුපාතවලින් යොදා ගනිමින් පරිගණක ආකෘති සිය ගණනක් නිර්මාණය කළේය.

වැඩි ප්‍රමාණයක් අත්තේ පාෂාණ

මෙම ආකෘති මගින් ප්‍රතිඵලවල පුළුල් පරාසයක් පෙන්නුම් කරයි. යුරේනස් සඳහා ජලයට වඩා හතර ගුණයකින් පාෂාණ තිබීමේ හැකියාව පෙන්වා දුන් අතර නෙප්චූන් සඳහා ජලයට වඩා දෙගුණයකින් පාෂාණ තිබිය හැකි බව එහිදි අනාවරණය විය.

විද්‍යාඥයින් පවසන්නේ ඔවුන්ගේ මෙම නව සොයාගැනීම් ග්‍රහලෝකවල සැබෑ සංයුතිය නිශ්චිතව දැන ගැනීමට නම් අභ්‍යවකාශ මෙහෙයුමක් කිරීම අත්‍යාවශ්‍ය බවයි. එවැනි මෙහෙයුම් දැනට සැලසුම් කර නොමැති බැවින් මෙම ඈත ලෝකවල සත්‍ය ස්වභාවය තවමත් අභිරහසක්ව පවතී.

ජනේෂා රත්නමලල

BBC ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.