Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

(රොයිටර් ඇසුරෙනි) ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්‍යවකාශ ආයතනය පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නාසා ආයතනයේ විද්‍යාඥයෝ මෙම කරුණු ප්‍රකාශ කළහ.පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක දුරින් පිහිටා ඇති කුඩා සෞරග්‍රහ මණ්ඩලයක මේ ග්‍රහලෝක හත පිහිටා ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති.

වාණිජ ජෙට් යානාවකින් පැයට කිලෝමීටර 926කින් ගමන් කළ ද එම තාරකාව පිහිටා ඇත්තේ වසර මිලියන 44කට වඩා දුරින් යැයි ද නාසා විද්‍යාඥයෝ තවදුරටත් පෙන්වාදෙති. 

මෙම නව ග්‍රහයන් හත් දෙනා කුඩා තරුවක් වටා භ්‍රමණය වෙමින් පවතින බව ද විද්‍යාඥයෝ පවසති.විද්‍යාඥයන් එම තරුව නම් කර ඇත්තේ ‘ට්‍රැපිස්ට් 1’ යන නමිනි. මෙම තරුව අප සූර්යයා මෙන් නොව, ඊට වඩා සිසිල් යැයි ද පැවැසෙයි.

මීට පෙර වෙන වෙනම ජීවය ජීවය පැවැතීමට හිතකර සාධක ඇති ග්‍රහලෝක විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇතත්, ජීවය පැවැතිය හැකි යැයි අනුමාන කළ හැකි ග්‍රහයන් හතකින් සමන්විත ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට හැකිවුණු පළමු අවස්ථාව මෙය බවත් එම නිසා මෙම සොයා ගැනීම ඉතා වැදගත් සොයා ගැනීමක් බවත් නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මෙම ග්‍රහයන් හතෙන් තුනක් ඔවුන්ගේ මවු තාරකාව වටා කක්ෂ ගත වී ඇත්තේ ද්‍රව මතුපිටක් එසේත් නැතිනම් මතුපිට ජලය ඇති දුරකින් යැයි ද විද්‍යාඥයෝ පෙන්වා දී ඇත. අනෙක් ග්‍රහයන් හතරට සාපේක්ෂව මෙම ග්‍රහයන් තුනේ ජීවය තිබීමේ අවස්ථාව වැඩි යැයි ද නාසා විද්‍යාඥයෝ පවසති. 

පරිවර්තනය- හර්ෂණ තුෂාර සිල්වා (ලංකාදීප) ඇසුරිනි

ඡායාරූප උපුටා ගැනීව- නාස ආයතනය සහ රොයිටර් පුවත්

download (1) download-4 download-11 download-21

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.